Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»3 හැවිරිදි දරුවෙකුට සහ තරුණයින් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුරු
    Featured

    3 හැවිරිදි දරුවෙකුට සහ තරුණයින් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුරු

    By LFNJuly 1, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් 03 හැවිරිදි දරුවෙකු සහ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (30) මෙම අනතුරු සිදුව තිබුණේ කාත්තන්කුඩි, පුනරින් සහ මාන්කුලම් යන පොලිස් වසම්වලින්ය.

    කාත්තන්කුඩි පොලිස් වසමේ මඩකලපුව කල්මුණේ මාර්ගයේ සිට අරියම්පති කාලි කෝවිල් අතුරු මාර්ගයේ ධාවනය වූ බස් රථයක් පසු පසට ධාවනය කිරීමේදී කුඩා දරුවෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලබාසිටි දරුවා අරියම්පති රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, ආරියම්පති 01 ප්‍රදේශයේ පදිංචිව සිටි 03 හැවිරිදි කුඩා දරුවෙකි.

    මේ අතර පුනරින් පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ අත්තායි හන්දිය අසලදී වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුරින් යතුරුපැදිකරු හා වෑන් රථ රියදුරු තුවාල ලබා පුනරින් රෝහලට ඇතුලත් කර යතුරුපැදිකරු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී තුවාලකරුට ඇතිවූ අපහසුතා හේතුවෙන් මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, මිරිසුවෙල් ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර මාන්කුලම් පොලිස් වසමේ මහනුවර යාපනය මාර්ගයේ කිලෝමීටර් 245 කණුව ආසන්නයේදී ලොරි රථයක අතුරු මාර්ගයක සිට පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරුවන් දෙදෙනෙකු හා ලොරි රථයේ සහායක බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 20250113 Views

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ…

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    උඩදුම්බරට මි.මී 200ට වැඩි වැස්සක් – අනතුරුදායක තැන් මඟ හැර ජීවිත රැකගන්න

    December 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.