Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»3 හැවිරිදි දරුවෙකුට සහ තරුණයින් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුරු
    Featured

    3 හැවිරිදි දරුවෙකුට සහ තරුණයින් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුරු

    By LFNJuly 1, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් 03 හැවිරිදි දරුවෙකු සහ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (30) මෙම අනතුරු සිදුව තිබුණේ කාත්තන්කුඩි, පුනරින් සහ මාන්කුලම් යන පොලිස් වසම්වලින්ය.

    කාත්තන්කුඩි පොලිස් වසමේ මඩකලපුව කල්මුණේ මාර්ගයේ සිට අරියම්පති කාලි කෝවිල් අතුරු මාර්ගයේ ධාවනය වූ බස් රථයක් පසු පසට ධාවනය කිරීමේදී කුඩා දරුවෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලබාසිටි දරුවා අරියම්පති රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, ආරියම්පති 01 ප්‍රදේශයේ පදිංචිව සිටි 03 හැවිරිදි කුඩා දරුවෙකි.

    මේ අතර පුනරින් පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ අත්තායි හන්දිය අසලදී වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුරින් යතුරුපැදිකරු හා වෑන් රථ රියදුරු තුවාල ලබා පුනරින් රෝහලට ඇතුලත් කර යතුරුපැදිකරු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී තුවාලකරුට ඇතිවූ අපහසුතා හේතුවෙන් මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, මිරිසුවෙල් ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර මාන්කුලම් පොලිස් වසමේ මහනුවර යාපනය මාර්ගයේ කිලෝමීටර් 245 කණුව ආසන්නයේදී ලොරි රථයක අතුරු මාර්ගයක සිට පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරුවන් දෙදෙනෙකු හා ලොරි රථයේ සහායක බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.