Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000ක්
    Featured

    ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000ක්

    By LFNJune 30, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ.

    එම කොමිසන් සභාව පෙන්වාදෙන්නේ 2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි මස 31 වනදා දක්වා කොමිසන් සභාව වෙත පැමිණිලි 2,138ක් ලැබී ඇති බවය.

    2024 වර්ෂයේ ඉතිරිව ඇති පැමිණිලි ද සමගින් මේ වන විට කොමිසන් සභාව සතුව පවතින සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,221ක් වන බව සඳහන් වේ.

    ඉන් පැමිණිලි 224ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524ක් විමර්ශනය නොකිරීමට තීරණය කර ඇත.

    පැමිණිලි 282ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් මේ වසරේ ගත වූ මාසය 05ට අදාළව නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වේ.

    අදාළ කාලය තුළ අල්ලස් කොමිසම විසින් සමස්ත වැටලීම් 44ක් සිදුකර ඇති අතර ඉන් සාර්ථකවූ වැටලිම් 25ක දී සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ගතවූ මාස 05 තුළ අල්ලස් කොමිසම විසින් මහාධිකරණයේ නඩු පැවරීම් 42ක් සිදුකර ඇති අතර හිටපු අමාත්‍යවරයෙකු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු, ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු, පොලිස් නිලධරීන් 11 දෙනෙකු ඇතුළු චූදිතයින් 45 දෙනෙකුට අදාළව එම නඩු පැවරීම් සිදුකර ඇති බව සඳහන් වේ.

    එමෙන්ම අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවලට අදාළව අදාළ කාලය තුළ හිටපු අමාත්‍යවරයෙකු, සතොස හිටපු සභාපතිවරයෙකු, පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු, ඇතුළු 19 දෙනෙකු වරදකරුවන් බවට පත්ව තිබේ.

    අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු 272ක් මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව ද අදාළ ප්‍රගති වාර්තාවේ සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.