Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික මදුරු මර්ධන සතිය අදින් ඇරඹේ
    Featured

    ජාතික මදුරු මර්ධන සතිය අදින් ඇරඹේ

    By LFNJune 30, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික මදුරු මර්ධන සතිය අද (30) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ඒ අනුව අද සිට එළැඹෙන ජූලි 05 දක්වා මෙම විශේෂ මදුරු මර්ධන සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වසරේ අවසාන මාස 05 තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක තුළ බවය.

    ඒ අනුව අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,175ක් සහ මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 6,025ක් වාර්තා වූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

    මේ අතර ඩෙංගු රෝගය පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා සෞඛ්‍ය කලාප 16ක ප්‍රදේශ 95ක් ආවරණය වන පරිදී විශේෂ මදුරු මර්ධන ව්‍යාපාරයක් පසුගිය මැයි මාසයේ 19 වැනි දින සිට 24 දක්වා ක්‍රියාත්මක කර තිබේ.

    එහිදී පරිශ්‍ර 128,824ක් පරීක්ෂා කළ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

    එමෙන්ම පසුගිය දිනවලදීද ඇදහැළුණු අඛණ්ඩ වර්ෂාපතනය හමුවේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගිය බවත් පෙන්වාදෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම තත්ත්වය තුළ මේ වන විට සෑම සතියකම ඩෙංගු රෝගීන් 1,500ක් පමණ වාර්තා වන බවය.

    අද සිට ආරම්භ වන ජාතික මදුරු මර්ධන සතියේදී නිවාස, රජයේ සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් ස්ථාන ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම මදුරු මර්ධන ව්‍යාපාරය පැවැත්වීමටද නියමිතව ඇත.

    මෙහිදී මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනා ගැනීම මෙන්ම ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජංගම කණ්ඩායම් යෙදවීමටද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අදින් ආරම්භ වන මෙම මදුරු මර්ධන ව්‍යාපාරය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය නොවන සහ ප්‍රජා මූලික සංවිධානවල සහාය ඇතිව කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ, යාපනය, මොනරාගල, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, බදුල්ල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයන්හි බටහිර, මධ්‍යම, නැගෙනහිර, සබරගමුව, වයඹ, උතුරු, ඌව සහ දකුණු පළාත්වල මෙම විශේෂ මදුරු මර්දන ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202607 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.