Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සූර්ය බල ව්‍යාපෘති වෙනුවෙන් එන ආයෝජකයින් හැරී යාමේ අවදානමක්
    Featured

    සූර්ය බල ව්‍යාපෘති වෙනුවෙන් එන ආයෝජකයින් හැරී යාමේ අවදානමක්

    By LFNJune 28, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති සහ තීරණ වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය විරෝධය පළ කර තිබේ.

    ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනය පැවසුවේ රජය විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් සමස්ත පුනර්ජනනීය බලශක්ති අංශය අස්ථාවර කිරීමටත් ආයෝජකයින්ගේ විහ්වාසය බිඳ දැමීමටත් සහ මෙරට පිරිසිදු බලශක්ති ඉලක්ක අනතුරේ හෙළීමටත් තර්ජනය කිරීමක් බවය.

    එම සම්මේලනය පෙන්වා දෙනුයේ බලධාරීන්ගේ මෑත කාලීන ක්‍රියා මගින් පුනර්ජනීය බලශක්ති සංවර්ධනයේ වසර ගනනාවක් පුරා ලබා ගත් ප්‍රගතිය කඩාකප්පල් කිරීමටත් සිය කර්මාන්තය දැඩි ආර්ථික හා සාමාජීය ප්‍රතිවිපාක සහිත අවිනිශ්චිත අනාගතයකට ඇද දැමීමට තැත් කරන බවය.

    එමෙන්ම විදුලිය මිලදී ගැනීමේදී මිල දැඩි ලෙස අඩු කිරීම කර්මාන්තයේ ස්ථාවරත්වයට හානි කරන බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සංශෝධිත මිලදී ගැනීම් ගාස්තු හඳුන්වා දුන් මෑත කාලීක කැබිනට් පත්‍රිකාව මගින් ඉදිරි කාලයේදී රැකියා අහිමි වීම් සහ ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම් ඇති කරනු ඇති බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

    තවද මිලදී ගැනීමේ ගාස්තු දැඩි ලෙස අඩු කිරීම මගින් ආයෝජන සඳහා සෘජු බලපෑමක් එල්ල කරනු ඇති බවත් ව්‍යාපෘතිවල ශක්‍යතාව මෙම ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා නිරන්තර තර්ජනයකට ලක්වන බැවින් දේශීය හා විදේශීය ආයෝජකයින් මෙම අංශයේ ආයෝජනය කිරීම ඉදිරි කාලයේදී මැලිකමක් දක්වනු ඇති බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ එය සූර්ය විදුලි බල කර්මාන්තය ආපසු හැරවිය නොහැකි පරිහානියකට පත් කරනු ඇති බවය.

    එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය නියමිත වේලාවට බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලිබල පද්ධතියට හඳුන්වාදීමට නොහැකි වීම හේතුවෙන් සූර්ය විදුලි බල අංශයේ සෘණාත්මක වර්ධනයක් නොදැනුවත්වම ඇති කර ඇති බවට සිය සංගමයේ මතය වනු ඇති බවත් පෙන්වා දෙන එම සංගමය වැඩිදුරටත් පැවසුවේ මාස 6කට වැඩි කාලයක් පුරාවට සිය සම්මේලනය විසින් විවිධ සංසදවලදී අවම වශයෙන් මෙගා වොට් පැය 1000ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ධාරිතාවක් කඩිනමින් ජාතික පද්ධතිවය වෙත ඒකාබද්ධ කරන ලෙසද නිරන්තරයෙන් ඉල්ලීම් කළ බවත් සඳහන් කර තිබේ.

    එමගින් උදෑසන 10 සිට පස්වරු 2 දක්වා කාලය තුළ උපරිම සූර්ය උත්පාදනය ගබඩා කිරීමටත්, සන්ධ්‍යා කාලයේ ඉහළ ඉල්ලුම් පැය තුළදී ඒවා භාවිතා කිරීමටත්, එමගින් ජාල ස්ථායිතාව වැඩි දියුණු කිරීමටත්, පුනර්ජනනීය බලශක්ති උපයෝගීතාව උපරිම කිරීමටත් හැකි වනු ඇති බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

    කෙසේ අඛණ්ඩ ඉල්ලීම්, ලංවිම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානයට ලක් නොවූ බවත් පෙන්වා දෙන පුනර්ජනනීය බලශත්කි සංවර්ධකයින්ගේ සම්මේලනය සඳහන් කළේ බැටරි බලශක්ති ගබඩා පද්ධති සඳහා මිලදී ගැනීමේ ගාස්තු පිළිබඳ මෙම සතියේ නිවේදනයක් නිකුත් කර ඇතත්, පැහැදිලි මෙහෙයුම් මාර්ගෝපදේශ නොමැතිකම හේතුවෙන් එය කර්මාන්තය තුළ තවදුරටත් ව්‍යාකූලත්වයක් පමණක් ඇති කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 202607 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.