Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බහුතරය නැති පුංචි ආණ්ඩුවල ඊයේ බලය බෙදීගිය අයුරු
    Featured

    බහුතරය නැති පුංචි ආණ්ඩුවල ඊයේ බලය බෙදීගිය අයුරු

    By LFNJune 26, 2025Updated:June 26, 2025No Comments3 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී කිසිදු පාර්ශ්වයකට බහුතර බලය හිමිනොවූ නාවලපිටිය නගර සභාවේ සභාපති ධුරය ඊයේ (25) ස්වාධීන කණ්ඩායමකට හිමිවිය.

    එසේම, සභාපතිවරයා තෝරාගැනීම සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී මාතර – මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීම විශේෂත්වයකි.

    ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලය හිමිනොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ කටයුතු අදත් පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

    ඒ අනුව නාවලපිටිය නගර සභාව අද රැස්වුණේ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබාගනිමින් සභාපති ධුරයට තේරී පත්වූ අතර ඔහු සමග සභාපති ධුරයට තරග කළ ජාතික ජන බලවේගයේ තිලක් සිරිසේන මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 05 ක් පමණි.

    සභාපති ධුරයට තේරී පත්වූ අමල් ප්‍රියංකර මහතා මීට පෙරද නාවලපිටිය නගර සභාවේ සභාපති ධුරයේ කටයුතු කළ අයෙකි.

    මෙහිදී උප සභාපති ධුරයටද ජාතික ජන බලවේගය සහ ස්වාධින කණ්ඩායමක් තරග කළ අතර එහිදී වැඩි ඡන්දයෙන් තේරී පත්වූයේ ස්වාධීන කණ්ඩායමෙන් තරග කළ කේ.සුරේෂ්වරන් මහතාය.

    මේ අතර, මාතර – මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය.

    සභාපති ධුරය සඳහා රහස් ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ රේණුක කොමසාරු මහතාට ඡන්ද 13ක් හිමිවෙද්දී ජාතික ජන බලවේගයේ සභාපති ධුර අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 10ක් පමණි.

    මෙහි උප සභාපති ධුරය සමගි ජන බලවේගයේ මහේන්ද්‍ර ලියනගේ මහතාට හිමිවිය.

    මේ අතර, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම අද පෙරවරුවේ ආරම්භ විය.

    එහිදී සභාපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වූ අතර, ඒ අනුව ජාතික ජන බලවේගයෙන් සුනිල් අභයසිරි මහතාත්, සමගි ජන බලවේගයෙන් ඉන්දික මල්ලවආරච්චි මහතාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් උදේනි අතුකෝරාල මහතාත් ඉදිරිපත් විය.

    අනතුරුව පැවති රහස් ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට ඡන්ද 16ක් හිමිවූ අතර, සමගි ජන බලවේගයට ඡන්ද 05කුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 03ක් හිමිවිය.

    මේ අතර, ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් කළුතර – පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ බලය අද ජාතික ජන බලවේගය සතුවිය.

    සභිකධුර 23කින් සමන්විත සභාවේ සමගි ජන බලවේගයට සභික ධුර 09ක් හිමිව තිබූ අතර, ජාතික ජන බලවේගයට සභික ධුර 07ක් සමගින් සෙසු පක්ෂවලට සභික ධුර 07ක් බෙදී ගොස් තිබුණි.

    සභාපති ධුරයට ජාතික ජන බලවේගයෙන් සනත් ජීවන්ත මහතාගේ නමත්, සමගි ජන බලවේගයෙන් නිහාල් ජයසිංහ මහතාගේ නමත් ඉදිරිපත් විය.

    ඒ සඳහා රහස් ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී ජාතික ජන බලවේගයට ඡන්ද 12ක් හිමිවූ අතර, සමගි ජන බලවේගයට හිමිවූයේ ඡන්ද 11ක් පමණි.

    එහි උප සභාපති ධුරයට රහස් ඡන්දයෙන් තේරී පත්වූයේ ස්වාධීන කණ්ඩායමෙන් තරග කළ මල්කාන්ති කුමාරසිංහ මහත්මියයි.

    ඒ අනුව අද දිනයේ පැවති ඡන්ද විමසීම්වලදී ස්වාධීන කණ්ඩායමක් නාවලපිටිය නගර සභාවේ බලය තහවුරු කරගත් අතර, නාවිදන්වෙලි සහ කාරතීව් යන ප්‍රාදේශීය සභාවල බලය ඉලංකෙයි තමිල් අරසු කච්චිත්, මුලටියන ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, වෙංගලච්සෙට්ටිකුලම් සහ අයගම යන ප්‍රාදේශීය සභාවල බලය සමගි ජන බලවේගයත් තහවුරු කරගත්තේය.

    කොත්මලේ, නානාට්ටාන්, මුසලි, වලල්ලාවිට, පාලින්දනුවර සහ කුරුවිට යන ප්‍රාදේශීය සභාවල බලය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගය අද සමත් විය.

    ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී සෘජුව බලය හිමිවූ ආයතන 151ද ඇතුළුව මේ වනවිට පළාත් පාලන ආයතන 209ක බලය ජාතික ජන බලවේගය සතුය.

    සමගි ජන බලවේගයට ආයතන 30කත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආයතන 04කත්, ඉලංකෙයි තමිල් අරසු කච්චි ආයතන 18කත් බලය මේ වනවිට හිමිකරගෙන තිබේ.

    ආයතන 04ක බලය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත්, ආයතන 03ක බලය ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයත් හිමිකර ගත්තේය.

    වෙනත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට හිමිව ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 16ක් වන අතර, ඇතිවූ මත ගැටුම් සහ අධිකරණ නියෝග හේතුවෙන් සභා පිහිටුවීම කල් ගිය ආයතන සංඛ්‍යාව 10කි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.