Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ළමුන් අතර බෝ නොවන රෝග ඉහළට – සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්
    Featured

    ළමුන් අතර බෝ නොවන රෝග ඉහළට – සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

    By LFNJune 26, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න මහත්මිය සඳහන් කළේ, ආහාර පරිභෝජනයේ පවතින ගැටලු මෙම තත්ත්වයට හේතු වී ඇති බවය.

    ළමුන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැළදීමේ අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය සඳහන් කළාය.

    “2024 ජාතික පෝෂණ මාසයට සමගාමීව එකතු කරපු දත්තවලට අනුව 1,4,7,10 වසරවල පාසල් දරුවන්ගේ 7%ක් ළමයින් වැඩි බරක් තියෙනවා. ඒ වගේම ගෝලීය සෞඛ්‍ය සමීක්ෂණය තුළින් 2024 වසරේ අවුරුදු 13 – 17ත් අතර දරුවන්ගේ ආහාර ගන්න පිළිවෙල සහ ඒ දරුවන් සම්බන්ධයෙන් කරලා තියෙන සමීක්ෂණ තුළින් හෙළිවෙලා තියෙනවා ස්ථූලභාවය 3%ක් විතර දරුවන් තුළ තියෙනවා.

    අධි බර 12%ක් විතර දරුවන් අතර දක්නට ලැබෙනවා. දරුවන්ගේ ආහාර රටාව ගැන අධ්‍යයනයක යෙදිලා තියෙනවා. ඒකෙන් අපි බැලුවහම 17%ක් විතර දරුවන්, පැණි බීම හා ඒ ආශ්‍රිත බීම වර්ග, ලුණු සහිත ආහාර වර්ග 28%ක් විතර දරුවෝ පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ සමීක්ෂණය කරන සතියට කලින් සතියේ. අධික තෙල් සහිත ආහාර 28%ක් – 29%ක් විතර දරුවන් පරිභෝජනය කරලා තියෙනවා. ඒ වගේම අධික සීනි සහිත ආහාර 41%ක් දරුවන් පරිභෝජනය කරලා තියෙනවා. මේ දත්ත තුළින් අපිට පේනවා පාසල් දරුවන්ගේ ආහාර පරිභෝජන රටාව සුදුසු විදියට නෙමෙයි සිදුවන්නේ. මේ එක්කම දරුවන්ට අඩු වයසේදීම බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි නොයෙක් රෝග වැලඳීමේ ප්‍රවණතාවයක් පවතිනවා.”

    මේ අතර වර්තමානයේ දී මෙරට කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ගෘහස්ථ හිංසනයට ලක්වන බවට අනාවරණය වී තිබේ.

    පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ දිනූෂා පෙරේරා මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 202602 Views

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.