Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්
    Featured

    නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්

    By LFNJune 25, 2025No Comments3 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් කටයුතු කර තිබේ.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බළකාය පත් කිරීමට පියවර ගෙන ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය ඉන් තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන බැවින් නවකවදය පමණක් නොව ශිෂ්‍යන් වෙත ශිෂ්‍යන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම එම පාර්ශවවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නතර කිරීම එම කාර්ය සාධක බළකායේ අරමුණ වී ඇති බවය.

    ඒ අනුව එම කාර්ය සාධක බළකායේ සාමාජිකයින් ලෙස පහත සඳහන් නියෝජිතයින් පත්කර තිබේ.

    1. මහාචාර්ය කේ.එල්.වසන්ත මහතා – උප සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
    2. මහාචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය – අධ්‍යක්ෂ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය සදහා වන මධ්‍යස්ථානය,(CGEE) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
    3. මහාචාර්ය හේමමාලි ගුණතිලක මහත්මිය -සාමාජික, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
    4. මහාචාර්ය විජය ජයතිලක මහතා – CGEE ආයතනයේ හිටපු සාමාජික
    5. ආචාර්ය සයුරි පෙරේරා මහත්මිය – මනෝ චිකිත්සක අධ්‍යනාංශය,වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
    6. ශානිකා මලල්ගොඩ මහත්මිය – ජාතික ළමාරක්ෂක අධිකාරිය
    7. අප්සරා කල්දේරා මහත්මිය – අතිරේක ලේකම්,අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය
    8. ගුණදාස සමරසේකර මහතා – අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය
    9. ආචාර්ය චින්තක පෙරේරා මහතා – අධ්‍යක්ෂ,බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය
    10. ඒ.ජී.ඒ.ජාලිත කුමාර මහතා – අධ්‍යක්ෂ,ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය-කොළඹ 15
    11. ජේ.පී.විජයතිලක ජයසිංහ මහතා – කොළඹ විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක නියෝජනය
    12. ඩබ්.ඒ.ඒ.වේරහැර මහතා – පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල විනයාරක්ෂක අංශ නියෝජනය
    13. කවිදු බිම්සර මහතා – ලේකම්, මහා ශිෂ්‍ය සංගමය, කොළඹ විශ්වවිද්‍යාලය. නීති පීඨ ශිෂ්‍ය.
    14. සජිනි වත්සලා මෙනෙවිය – ලේක්ම්, මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලය. නීති විද්‍යාල ශිෂ්‍ය.
    15. පොලිස්පතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු
    16. නීතිපතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු

    මෙරට විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් සහ සංස්කෘතියක් නිර්මාණය කිරීම, ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය යෝජනා සකස් කිරීම, ඊට අවශ්‍ය නීතිමය රාමු යාවත්කාලීන කිරීම සඳහා යෝජනා සකස්කිරීම, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම, සිදුවීම් වාර්තා කිරීමට සහ ඒවාට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අදාළ ක්‍රමවේද සැකසීම, යන අරමුණු වෙනුවෙන් රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධ කරගැනීම, වින්දිතයින්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, වින්දිතයින්ට සිදුවූ මානසික බලපෑම් සැලකිල්ලට ගනිමින් යථා තත්වයට පත්කරලීම සඳහා අවශ්‍ය කටයුතු වෙත යොමු කිරීම වැනි කාර්යන් මෙම කාර්ය සාධක බළකාය හරහා සිදුකිරීමට අපේක්ෂිතය.

    සිදුවීම් සඳහා ප්‍රතිචාර දැක්වීමකට පමණක් සීමා නොවී හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් උසස් අධ්‍යාපන ආයතන තුළ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් ආදී වැඩසටහන් ජාතික වැඩපිළිවෙළකට අනුව සංවිධානය කිරීම වැනි කරණුද සැලකිල්ලට ගනිමින් ඉහත අරමුණු පෙලගස්වා ඇත.

    ඉදිරියේදී මෙම කාර්ය සාධක බළකාය යටතේ විශ්වවිද්‍යාල මට්ටමින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ඒකක පිහිටුවීමට ද යෝජනා වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.