Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජ’පුර පාලනාධිකාරිය සිසුන්ගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන – කෝප්
    Featured

    ජ’පුර පාලනාධිකාරිය සිසුන්ගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන – කෝප්

    By LFNJune 25, 2025No Comments3 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ සිසුන් දස දෙනෙකුගෙන් පාලනාධිකාරිය විසින් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන – කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ සිසුන් දසදෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වී තිබේ.

    එම හානිවූ , විශ්වවිද්‍යාලයේ දේපොළවල වටිනාකම් මෙන් තුන් ගුණයක් නිත්‍යානුකුලව අය කරගෙන ඊට අමතවර 25% අධිභාරයක්ද සිදුකර ඇති බව කාරක සභාව පෙන්වා දී ඇත.

    ඒ අනුව එලෙස ගණනය කිරීම් අනුව අයකිරීම් වල වරදක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට සුදානම් බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙහිදී අදහස් දක්වමින් කාරක සභාවට දැනුම් දී තිබේ.

    ඒ අනුව ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක සිසුන්ට පමණක් මෙ‍ෙලස දඩ අයකිරීම කෙතරම් සාධාරණද යන්න පිළිබඳව නැවත සිතා බලන ලෙසද කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට පවසා ඇත.

    මෙම කරුණු සාකච්ඡා වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    කාර්යමණ්ඩල සංයුතිය ,මුල්‍ය තත්ත්වය, ඉදිකිරීම් වල පැවති සහ පවතින තත්ත්වයන් හා ශිෂ්‍යන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අතර පවතින සම්බන්ධතාව තවදුරටත් ශිෂ්‍ය හිතකර මට්ටමින් පවත්වා ගැනීම යන කරුණු පිළිඳව මෙදින කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

    ඒ අනුව විශ්වවිද්‍යාලයේ පුර්ණකාලීන තනතුරක් වන මුල්‍යාධිකාරි තනතුරෙහි කටයුතු කරන මුල්‍යාධිකාරිවරිය පෞද්ගලික සමාගමක විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරීමට නිදහස් කර ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.

    එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක ද වැඩකටයුතු සිදුකිරීම සඳහා මෙම මුල්‍යාධිකාරිවරිය නිදහස් කර තිබෙන බව ලේඛකාධිකාරීවරයා පැවසුවේය.

    අමාත්‍යාංශයෙන් හෝ නොවිමසා එලෙස පුර්ණකාලීන තනතුරක සේවයෙහි නිරත පුද්ගලයෙක් නිදහස් කිරීමට තීරණය කිරීම ගැටලු සහගත බව කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් පෙන්වා දුන්හ.

    විශ්වවිද්‍යාලයේ සේවා කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි සේවය කිරීමට එලෙස මුල්‍යාධිකාරිවරිය නිදහස් කර තිබු බව මෙහිදී අදහස් දක්වමින් ලේඛකාධිකාරීවරයා පැවසුවේය.

    කෙසේ වතත් අදාළ මුල්‍යාධිකාරිවරිය ලබාගෙන ඇති නිවාඩු දිනගණන් පිළිබඳව සභාපතිවරයා, කාරක සභාව දැනුවත් කළේය. තවද ඇයගේ 2024 වසරේදී දින 44ක පැමිණීමේ සහ පිටවීමේ සලකුණු සටහන් නොවීම සම්බන්ධයෙන් එය නිවරදි කරදෙන ලෙසට ලේඛකාධිකාරී වරයාගෙන් කළ ඉල්ලීමට ඔහු විසින් අනුමතිය ලබාදී ඇති බවද මෙහිදී අනාවරණය විය.

    තවද ව්‍යාපෘති කළමනාකාර තනතුර ප්‍රසිද්ධ දැන්වීමකින් හෝ ඉල්ලුම්පත්‍ර කැඳවීමකින් තොරව,නිසි බඳවා ගැනීමේ පටිපාටියෙන් පරිබාහිරව බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා විය.

    ඒ අනුව කාර්යමණ්ඩල නව බඳවාගැනීමේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබදව සොයාබලා වාර්තාවක් සකස්කිරීමට කාරක සභා සභාපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදෙන ලදී.

    තවද විශ්වවිද්‍යාලයේ ගිණුම්වල තැන්පත් මුදල් පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ අනුව එහිදී 2024 බාහිර විභාග ඒකකයේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සිසුවෙකුගෙන් රු. 10,500/-ක මුදලක් අයකරගෙන තිබුනද උපාධි ප්‍රධානෝත්සවයෙන් පසු රුපියල් ලක්ෂ 53කට වැඩි මුදලක් ඉතිරිවී තිබීම පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගේ අවධානයට යොමු කරන ලදී.

    ඒ අනුව මෙම අයකිරීම සිසුන්ට දරාගත හැකි අයුරින් තීරණය කිරීමට ද කාරක සභාව, නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. කෙසේ වෙතත් මේ වසරේ සිට උපාධි ප්‍රධානෝත්සවයන් සඳහා අය කරනු ලබන මුදල් අඩු කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් කාරක සභාවට දැන්වුහ.

    මේ අතර විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි හා ඉදිකිරීම් වල පැවති සහ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද කරක සභාවේදී දීර්ඝලෙස සාකච්ඡා විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 202607 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.