Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් පොලීසියට නියෝගයක්
    Featured

    කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් පොලීසියට නියෝගයක්

    By LFNJune 24, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වනදා දැනුම් දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියම කර තිබේ.

    පැමිණිල්ල ඊයේ (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියෙහි කැඳවනු ලැබීය.

    එහිදී විමර්ශන සිදුකරන උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් අධිකරණයට දැනුම් දී ඇත්තේ මියගිය දැරියගේ මවගෙන් සහ තවත් පාසල් සිසුවියන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.

    ඊට අමතරව ගුරුවරියකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලීසිය පැවසීය.

    විර්ශනවලට අවශ්‍ය කරන අදාළ පාසලේ සී.සී.ටී.වී කැමරාවලට අදාළ ඩි.වී.ආර් යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රැගෙන ගොස් ඇති බවත් එය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කරන බව පොලීසිය පැවසීය.

    මෙම යන්ත්‍රය ලබාගැනීමට පමා වූයේ ඇයි දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා එය කඩිනමින් ලබාගෙන ඉදිරි විමර්ශන කරන ලෙස පොලීසියට නියෝග කර තිබේ.

    අනතුරුව පැමිණිල්ල යළි ජුලි මස 07 වනදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියම කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 202602 Views

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.