Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 2025

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි
    Featured

    ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

    By LFNJune 23, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (23) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි.

    කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණි.

    එහිදී අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කළ ඒ.එම්. විජේරත්න මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න වීමසීම සිදුකළේය.

    ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුලි 30 වනදා දක්වා කල් දැමූ විනිසුරුවරිය එදින සාක්ෂිකරුවෙකුට අධිකරණයේ පෙනී සිටින දෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙ‍ෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවයේ නියුතු සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකොට අල්ලස් පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 2025

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 20250108 Views

    මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර…

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.