Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 2025

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෝලීය තෙල් මිල ඉහළට – දේශීය තෙල් මිල ගැනත් තීරණයක්
    Featured

    ගෝලීය තෙල් මිල ඉහළට – දේශීය තෙල් මිල ගැනත් තීරණයක්

    By LFNJune 23, 2025No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ඉහළගොස් තිබේ.

    අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගෝලීය ඉන්ධන ප්‍රවාහනයේ මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්සාහ කරමින් සිටී.

    එම තත්ත්වයත් සමග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ද ගණන් අද ඉහළ ගොස් තිබුණි.

    මේ අනුව සියයට 3ක මිල ඉහළයාමත් සමග බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණි.

    විශ්ලේෂකයින් පුරෝකථනය කරන්නේ තෙල් මිල ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවයි.

    ලෝක ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුකෙරෙන පර්සියානු බොක්ක ජාත්‍යන්තර සාගරයට සම්බන්ධ වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය.

    ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 1/6ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සෘජුව සිදුවන අතර දිනකට මිලියන 17.2ක තෙල් බැරල ප්‍රමාණයක් ඒ හරහා රටවල් රැසකට ප්‍රවාහනය කෙරේ.

    ඊට ඛනිජ තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් වන සෞදි අරාබිය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයක ප්‍රවාහන සැපයුම් අයත්ය.

    පවතින තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේදැයි “අද දෙරණ” කළ විමසිමේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ දේශීය වෙළෙඳපොළ තුළ තෙල් මිලෙහි කිසිදු වෙනසක් මෙම අවස්ථාවේ සිදුනොවන බවය.

    කෙසේවෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වුවහොත් ඇතිවන වාතාවරණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරමින් සිටින බව එම සංස්ථාව පවසයි.

    ඔවුන් පුරෝකථනය කරන්නේ පැනනැගී ඇති ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයේදී එල්ලවීමට හැකියාව පවතින බවය.

    ඒ අනුව සාම්ප්‍රදායික සැපයුම් දාමයට බාධා ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් සාම්පල පරීක්ෂා කරවීමටත් එම සංස්ථාව අදහස් කර තිබේ.

    මේ අතර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත ඇති විය හැකි සියලු බලපෑමස් පිළිබඳ රජය වහාම අවධානය යොමු කළ යුතු බවය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ, මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා,

    “එක පැත්තකින් උද්ධමනකාරී තත්ත්වයක් ඇති කරන්න බලපානවා වගේම, අනෙක් පැත්තෙන් තෙල් සඳහා අමතරව ඩොලර් බිලියන 500ක විතර පිරිවැයක් දැරීමට සිදුවෙනවා තෙල් මිල ඉහළ යෑම සමග. රජය අවධානය යොමු කළ යුතුයි අපනයන විවිධාංශීකරණයට සහ විදෙස් විනිමය විවිධාංගීකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා තීන්දු හඳුන්වා දීම කඩිනමින් කළ යුතුයි.

    විශේෂයෙන්ම ඒ අතර ආර්ථික පරිවර්තන පනත වහාම ක්‍රියාවට නැංවීමට රජය කටයුතු කළ යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 2025

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 20250108 Views

    මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර…

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.