Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මෙරටට
    Featured

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මෙරටට

    By LFNJune 23, 2025No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඔහු අද සිට ලබන 26 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවය.

    2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බව සඳහන් වේ.

    සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද හමුවීමට නියමිතව තිබේ.

    විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

    එමෙන්ම මෙරට මානව හිමිකම් කොමිසම සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ සංචාරය අතරතුර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමටද නියමිත අතර මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හී මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිත බව සඳහන් වේ.

    මීට අමතරව යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 202602 Views

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.