Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්
    Featured

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

    By LFNJune 22, 2025No Comments7 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍ය ඔස්සේ යුද හමුදාව සම්බන්ධව පැතිර යන කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන් ව ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන එම තොරතුරු සාවද්‍ය වන බවය.

    තවද සිවිල් සමාජය තුළ යුද හමුදාව අපකීර්තියට ලක් කිරීම සඳහා යම් යම් මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා විසින් කටයුතු කර ඇති බවද යුද හමුදාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

    ඒ අනුව කූට ලියකියවිලි මගින් ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව වංචාකාරි ලෙස නිලධාරින් කිහිප දෙනෙකු පෞද්ගලික හේතු මත යුද හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය වන බවය.

    යුද හමුදාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

    සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය කරුණු සබැඳිව යුද්ධ හමුදාව වෙතින් කරුණු පැහැදිළි කිරීමක්

    1. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකිරීමට අදහස් කලේ මෑත කාලයක පටන් යුද්ධ හමුදාව විසින් ගන්නා ලබන පරිපාලනමය තීන්දු තීරණ හා ක්‍රමවේදයන් වැරදි ලෙස අර්ථ දක්වමින් සිවිල් සමාජය තුළ යුද්ධ හමුදාව අපකීර්තියට ලක්කිරීම සඳහා යම් යම් මාධ්‍ය, විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා විසින් කටයුතු කරන බව පෙනී යන හෙයින් ඒ පිලිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත ලබාදීම සුදුසු බවට අදහස් කල බැවිණි.

    2. පසුගිය දිනක සමාජ මාධ්‍ය කිහිපයක් විසින් යුද්ධ හමුදාව මගින් කූඨ ලියකියවිලි සාදා සේනාධිනායක වන අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කිහිපදෙනෙකු යුද්ධ හමුදාවෙන් ඉවත්කර ඇති බවත්, තවත් නිලධාරීන් ගණනාවක් පෞද්ගලික කෝන්තර මත යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනා බවත් ප්‍රකාශ කර ඇත. මෙසේ කර ඇති ප්‍රකාශයන් තුළින් ගම්‍ය වන්නේ ඔවුන් හට යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු සබැඳිව නිසි අවබෝධයක් නොමැති බවත්, විවිධ පාර්ශව විසින් තමන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා ඔවුන් වෙත ලබාදී ඇති තොරතුරු වගකීම් විරහිතව සමාජගත කරමින් සිටිනා බවත්ය. කෙසේ නමුදු ආරක්ෂක කරුණු හේතුවෙන් යුද්ධ හමුදාවේ සිදුවන සෑම කටයුත්තක්ම සමාජයට අනාවරණය කල නොහැකි නමුදු මෙම මතුකර ඇති කරුණ හේතුවෙන් යුද්ධ හමුදාව පෞද්ගලික න්‍යාය පත්‍රයන් හා පලිගැනීම් මත ක්‍රියාකරන ආයතනයක් බවට මහජනතාව තුළ වැරදි සිතුවිලි ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිලිබඳව පමණක් කරුණු ප්‍රකාශ කිරීමට අදහස් කරමි.

    3. යුද්ධ හමුදාවේ නිලධාරී සංයුතියට අනුව එය පහළ සිට ඉහළට පිරමීඩාකාරව හැඩගැන්වී ඇති ආයතනයකි. ඒ අනුව පහළ ස්ථරවල නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින නමුදු ඉහළ ස්ථරවලට යාමේදී එය ක්‍රමාණුකූලව කුඩා වේ. මෙහිදී එම පිරමීඩාකාර සැකිල්ල නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාව විසින් විවිධ පරිපාලන නිර්ණායක ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව එක් එක් ස්ථරවල සිට ඉන් ඉහළ ස්ථරයට යෑම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සපුරාලීමට අපොහොසත්වන නිලධාරින් හට සේවයෙන් ඉවත්වීමට සිදුවේ. එහිදී ඔවුන් රැඳී සිටින නිලය ඔවුන් හට ලබාගත හැකි උපරිම නිලය (Maximum in the Rank) වශයෙන් සැලකෙන අතර, ඒ අනුව එම නිලයේ රැදී සිටිය හැකි උපරිම සේවා කාලය සම්පූර්ණ කල පසු (Service in Maximum in the Rank) ඔවුන් යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කරනු ලැබේ. මෙය ලොව පුරා බොහෝ හමුදාවන් විසින් අනුගමනය කරනු ලබන පිළිගත් ක්‍රමවේදයකි. මෙය නිලධාරී සේවා රෙගුලාසි මාලාව තුළ ඉතා පැහැදිළිව දක්වා ඇත. මෙලෙස නිලධාරියෙකු හට යාහැකි උපරිම නිල සීමාව පිලිබඳව තීරණය කරනුයේ එක් එක් නිල ස්ථරවල සිට ඉහළ ස්ථරයට ඔවුන් උසස් කිරීම සඳහා සලකා බලනු ලබන යුද්ධ හමුදා තේරීමේ මණ්ඩල හා උපදේශක මණ්ඩල මගිනි. මෙය ඉතා විනිවිදභාවයෙන් සිදුකරනු ලබන ක්‍රියාවලියක් වන අතර, එය තනි පුද්ගල ක්‍රියාවලියක් නොව යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරින් 10ක් 15ක් අතර ප්‍රමාණයක් විසින් එක්ව තීරණ ගන්නා ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියේදී පරීක්ෂණයට භාජනය කරනු ලබන නිලධාරියා ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් ඇගයීම් ක්‍රියාවලියකට ලක්කරනු ලබයි. එම ක්‍රියාවලියට විනය, කැපවීම, හැකියාව, වෘත්තීමය දැනුම හා දක්ෂතාවය යන කරුණු ඇතුලත් කරුණු රාශියක් යටතේ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ඇතුළත් කර ඇති අතර, එහිදී අදාළ නිලධාරියා හට ඊලඟ නිලයට උසස්වීමට නම් ඒ සඳහා නියමිත වූ පරිසාදන ලකුණු මට්ටම සම්පූර්ණ කල යුතුය. මෙම ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කරනු වස් එම පරීක්ෂණයට භාජනය වූ නිලධාරියා වෙත තමා සබැඳි ඇගයීම් වාර්තාව පිලිබඳව දැනුම්දෙන අතර, ඒ පිලිබඳව ඔහුගේ ලිඛිත එකඟතාවයද ලබාගනී. තවද, තමා හට අසාධාරණයක් සිදු වී ඇති බවට එම නිලධාරියා හට හැඟෙන්නේ නම් ඒ පිළිබඳව උපදේශක මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වීමේ අවස්ථාවද නිලධාරියා වෙත ලබාදෙන අතර, එම මණ්ඩලය විසින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකරනු ලබයි. ඒ අනුව උසස් කිරීමට නියමිත නිලධාරීන් හා අදාළ නිලයේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැන්විය යුතු නිලධාරින් පිලිබඳව තීරණය කරනු ලබයි. මෙසේ නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේදී යුද්ධ හමුදාව විසින් අනුගමනය කරන ක්‍රමවේදයන් 02ක් පවතී. ඉන් පළමුවැන්න වනුයේ යුද්ධ හමුදාවෙන් අනිවාර්යය විශ්‍රාම යැවීමක් සිදුකිරීමයි. නමුදු එම ක්‍රියාවලිය තුළින් අදාළ නිලධාරී හට සිවිල් සමාජය තුළ රැකියාවක් ලබාගැනීම වැනි කටයුතුවලදී යම් ගැටළුකාරී තත්වයන් වෙත මුහුණපෑමට සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව සලකා දෙවන ක්‍රමය වන ස්වකැමැත්තෙන් ඉල්ලා විශ්‍රාම ගැනීමක් සඳහා එම නිලධාරීන් හට අවස්ථාව ලබාදීම සිදුකරයි. එහිදී සිදුවනුයේ යුද්ධ හමුදාවේ තෝරාගැනීම් හෝ උපදේශණ මණ්ඩල මගින් ලබාදෙනු ලබන තීරණ අදාළ නිලධාරී හට දැනුම්දී ඉල්ලා විශ්‍රාම ගැනීමක් සඳහා අවශ්‍ය ලිපිලේඛණ ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබාදීමයි. ඔහු විසින් එම ලිපි ලේඛණ ඉදිරිපත් කළ පසු ආරක්ෂක අමත්‍යාංශය හරහා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරයි. සමාජ මාධ්‍ය විසින් කූඨ ලිපිලේඛණ සකසා නිලධාරීන් යුද්ධ හමුදාවෙන් අස්කර ඇති බවට වැරදි ලෙස අර්ථකථනය කර ඇත්තේ එලෙස උපදෙස් ලබාදී ඇති ලිපි ලේඛණ පදනම් කරගෙනයි.

    4. කෙසේ හෝ පසුගිය කාලසීමාවේදී නිලධාරී සේවා රෙගුලාසි මාලාව යම් යම් හේතුසාධක මත නිසිලෙස ක්‍රියාත්මක කිරීමට බාධා පැවතුණි. විශේෂයෙන් තිස්වසරක යුද්ධය අවසන් කිරීම සඳහා දායක වූ හමුදාවක සේවය කල නිලධාරීන් හට මානුෂීය හේතුන් මත උසස්වීම් නොලැබ තම නිලයේ රැඳී සිටිය හැකි උපරිම සේවා කාලය ඉක්මවා සේවය කිරීමට අවස්ථා සලසා දී තිබූ අතර, ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති නිලධාරීන් හටද නිසි සුදුසුකම් සපුරාලීමට අපොහොසත්ව තිබූ පසුබිමක වුවද, වසර බැගින් වූ සේවා දිගු ගණනින් 03 සිට 08 දක්වා වශයෙන් ලබාදෙමින් යුද්ධ හමුදාව තුළ රඳවාගැනීමට කටයුතු කර තිබුණි. එම බොහෝ නිලධාරීන් ලුතිනන් කර්නල් නිලයෙන් ඉහළ නිලධාරීන් විය. කෙසේ නමුදු මෙම ක්‍රියාව යුද්ධ හමුදාවේ ඉදිරි ප්‍රගමණය සඳහා දැඩි ලෙස බලපා තිබෙන බව යුද්ධ හමුදා උපදේශක මණ්ඩල මගින් කරුණු ඉදිරිපත් කර තිබුණි. මක් නිසාද යත් සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් සංඛ්‍යාවෙන් ඉතා සීමිත වූ ඉහළ නිලයන් තුළ තවදුරටත් රැඳී සිටීම හේතුවෙන් විනයගරුක සහ දක්ෂතා ඇති පහළ මට්ටමේ නිලධාරීන් අපේක්ෂා භංගව අධෛර්යයමත් වී තිබූ හෙයිනි. කොපමණ සුදුසුකම් තිබුණත් ඉහළ නිලයට උසස්වීම සඳහා වන ඇබෑර්තු නොමැති බව වටහාගත් බොහෝ දක්ෂ කණිෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාව හැර යන තත්වයකට පත්ව තිබුණි. මෙය දිගින් දිගටම පැවතිය හොත් යුද්ධ හමුදාවේ ගුණාත්මක හා කාර්යක්ෂමභාවයට ඉතා දැඩි ලෙස බලපාන බැව්ද යුද්ධ හමුදා උපදේශක මණ්ඩල මගින් කරුණු වාර්තා කර තිබුණි.

    5. ඒ අනුව එම උපදේශක මණ්ඩලවල තීරණය වූයේ තවදුරටත් මෙම ක්‍රියාවලිය අනුගමනය කල නොහැකි බවත්, සුදුස්සන්ට අවස්ථාව ලබාදීම සඳහා නිලධාරී සේවා රෙගුලාසි මාලාව අනුව කටයුතු කල යුතු බවත්ය. සමාජ මාධ්‍ය තුලින් උපුටා දක්වා ඇති ක්‍රියාවලියේදී ද සිදුකර ඇත්තේ එම රෙගුලාසි මාලාවට අනුව කටයුතු කිරීමයි. අවාසනාවට කරුණක් නම් එම ප්‍රශ්ණගත නිලධාරීන් අතර සිටින කිහිපදෙනෙකු තමන් නියමිත සුදුසුකම් සපුරා නොමැති බැවින් තවදුරටත් යුද්ධ හමුදාවේ රැඳීසිටීමට තමන් හට හැකියාවක් නොමැති බවට අවබෝධ කරගත යුතු තත්වයක් තුලදී විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් යුද්ධ හමුදාව හා එහි ඉහළ නිලයන් වෙත මඩ ප්‍රහාර එල්ලකරමින් එහි කීර්තිනාමයට කැළලක් ඇති කිරීම සඳහා පෙලඹීමයි. මෙහිදී පැවසිය හැකි කරුණක් වන්නේ එම නිලධාරීන් සියලු දෙනාම විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් යුද්ධ හමුදාවෙන් විශ්‍රාමගැන්වීමට කටයුතු කර ඇති නමුදු ඔවුන්ගේ පෞද්ගලිකත්වය සලකා එම කරුණු අනාවරණය නොකිරීමට යුද්ධ හමුදාව තවදුරටත් කටයුතු කරන බවයි. කෙසේ වුවද ඒ සබැඳිව සේනාධිනායක වන අතිගරු ජනාධිපතිතුමා හට කරුණු වාර්තා කරනු ලබයි.

    6. තවද සමාජ මාධ්‍ය වෙතද පැවසීමට කරුණක් තිබේ. එනම් යුද්ධ හමුදාව යනු ජාතික ආරක්ෂාව සබැඳිව කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානතම කොටස්කරුවෙකි. එවැනි ආයතනයක රැදී සිටිය යුතු වන්නේ විනයගරුක හා කාර්යක්ෂම අයවලුන් පමණි. නැතහොත් සිදුවන්නේ හමුදාවේ ගුණාත්මකභාවය අඩුවීමයි. එය ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපායි. එබැවින් රටේ යහපත වෙනුවෙන් ගුණාත්මක හමුදාවක් පවත්වාගැනීම සඳහා ගන්නා ලබන තීරණ වැරදි ලෙස සමාජගත නොකරන ලෙසත්, එය පොදුවේ රටට අහිතකර ලෙස බලපානු ලබන බවත්ය. යුද්ධ හමුදා පරිපාලන කටයුතු සබැඳිව තීරණ ගනු ලබන්නේ ඒ සබැඳි සුවිශේෂී අත්දැකීම් රාශියකින් හෙබි නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩල මගින් යුද්ධ හමුදාධිපති වෙත ලබාදෙන නිර්දේශයන් මත පදනම්ව පමණක් වන අතර, එම නිර්දේශ ක්‍රියාත්මක කරනු ලබන්නේ සේනාධිනායක වන අතිගරු ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තීරණ ගැනීම සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමාට, ආරක්ෂක ලේකම්තුමාට හා යුද්ධ හමුදාධිපතිතුමන් හට ලබාදී ඇති බලතල හා උපදෙස් මත පදනම්ව වන බැවින් ඒ පිළිබඳව වැරදි වැටහීමක් ඇති නොකරගන්නා ලෙසටයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 202602 Views

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.