Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බදුල්ල බස් රථ අනතුරේදී බස් රථය ධාවනය කර ඇත්තේ රිය සහයක බව හෙළිවෙයි
    Featured

    බදුල්ල බස් රථ අනතුරේදී බස් රථය ධාවනය කර ඇත්තේ රිය සහයක බව හෙළිවෙයි

    By LFNJune 22, 2025No Comments1 Min Read262 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊයේ (21) පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.

    මෙලෙස අනතුරට ලක්ව තිබුණේ බදුල්ල සිට අනුරාධපුර දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි.

    බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී මෙම බස් රථය පෙරළී ගොස් තිබුණේ ඊයේ පස්වරු 6ට පමණය.

    අනතුරට පත් පිරිස අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව වාර්තා වනවා.

    ඔවුන් ඊයේ අලුයම බදුල්ල මුතියංගන වෙහෙර වැඳපුදාගෙන නැවත නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

    අනතුර සැළවීමත් සමඟ කඩිනමින් ක්‍රියාත්මක වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිස රෝගින් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.

    අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියදුරු සහායක විසින් බවය.

    සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.