Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්

    August 28, 2025

    නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියන්නේ නෑ -මහජන ආරක්ෂක ඇමති

    August 28, 2025

    උසාවිය ළඟ දී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

    August 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    Featured

    ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    By LFNJune 21, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී කරුණු රැසක් අනාවරණය කරගැනීමට හතරලියද්ද පොලිස් ස්ථානයට හැකිව තිබේ.

    ඊයේ (20) දහවල් හතරලියද්ද ප්‍රදේශයේ වෙළෙඳ සැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 5,000 මුදල් නොට්ටුවක් ලබාදීමක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී මේ බව අනාවරණය වී ඇත.

    ඒ අනුව ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි උඩුව, මහනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 03ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නොට්ටු 02ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නොට්ටු 02ක් හමුවී ඇත.

    එමෙන්ම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 50 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 09ක්, ව්‍යාජ රුපියල් 100 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 06ක් තිබී සොයාගෙන තිබේ.

    මේ අතර මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් ගලගෙදර ප්‍රදේශයේ පිහිටි ආයතනයකට ගොස් ඇත.

    කෙසේ වෙතත් සැකකරු එම අවස්ථාවේ ආයතනයේ සිට නොමැති අතර, මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    හතරලියද්ද පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්

    August 28, 2025

    නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියන්නේ නෑ -මහජන ආරක්ෂක ඇමති

    August 28, 2025

    උසාවිය ළඟ දී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

    August 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,351 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,282 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්

    August 28, 20250120 Views

    නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකමැති ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා…

    නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියන්නේ නෑ -මහජන ආරක්ෂක ඇමති

    August 28, 2025

    උසාවිය ළඟ දී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

    August 28, 2025

    දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

    August 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.