Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා
    Featured

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    By LFNJune 20, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනා මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු හෙළි විය.

    රටේ අහිංසක ගොවි ජනතාවගේ බදු මුදල් මෙලෙස වංචා කිරීම ඛේදවාචකයක් බවත් මෙය මාර්ග සංවර්ධන ඉතිහාසයේ විශාලතම වංචාවක් බවත් කමිටුවේ සභාපති අරවින්ද සෙනරත් මහතා පැවසීය.

    උතුරු මැද පළාත් සභාව 2011 වර්ෂයේදී රුපියල් කෝටි එකසිය දාහතකට අධික ඇස්තමේන්තුවක් මත මාර්ග පනස් තුනක් ප්‍රතිසංස්කරණය කර ඇතැයිද එම කමිටුවේදී තොරතුරු අනාවරණයවී ඇත.

    එසේම රුපියල් කෝටියක් පමණ වැය වන මාර්ග කිලෝමීටරයක් සඳහා රුපියල් කෝටි හතර හමාරක් පමණ වැය කර ඇතැයි කමිටුව පවසයි.

    මේ පමණ මුදලක් වැය කළත් මාර්ග නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම හේතුවෙන් එ්වා කෙටි කලකින් අබලන් වී ඇති බවද තොරතුරු අනාවරණය විය.

    මේ අතර දරුවන් පන්සියයට අඩු පාසලකට කෝටි පනස් හතරක් වටිනා ශ්‍රවණාගාරයක් ඉදිකිරීමට අත්තිකාරම් ලෙස ගෙවූ රුපියල් කෝටි දහයක මුදලක් අපතේ ගොස් ඇතැයිද එම පාසල දැන් වල් බිහි වී ඇතැයිද කමිටුවේදි හෙළිවිය.

    මේ තොරතුරු හෙළි වූයේ උතුරු මැද පළාත් සභාවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්ය සාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    මෙම සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 202609 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.