Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා එක්ව කළ වංචාව
    Featured

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා එක්ව කළ වංචාව

    By LFNJune 19, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තෙවන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ උපකරණ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා එක්ව සිදුකළ වංචාවේ තවත් කරුණු මේ වනවිට හෙළිවෙමින් තිබේ.

    මෙම වංචාව සිදුකර ඇත්තේ එම රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වන අතර, ඇයට විරුද්ධව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භකර ඇත්තේ 2023 වසරේදීය.

    එතැන් සිට අනාවරණය කරගත් කරුණු අනුව අදාළ වෛද්‍යවරිය සිදුකර ඇත්තේ ස්නායු සැත්කම් සඳහා අවශ්‍යවන EVD සහ VP Shunt නමැති උපකරණ, වෙළඳපොළ මිලට වඩා වැඩි වටිනාකමකට තෙවැනි පාර්ශ්ව හරහා අලෙවි කිරීමයි.

    මෙම ජාවාරමට සම්බන්ධ උපකරණයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් 30,000ත් 60,000ත් අතර වුවත්, ඇය ඒවා අලෙවිකර ඇත්තේ රුපියල් 120,000ත් 250,000ත් අතර මුදලකට බව වාර්තා වේ.

    අදාළ වෛද්‍යවරියගේ සැමියා ආරම්භ කළ සමාගමක් හරහා මුලදී මෙම ජාවාරම සිදුකර ඇති අතර, සිය සැමියාගේ අභාවයෙන් පසු අදාළ ගනුදෙනු ඇය යටතේම සිදුකරගෙන ගොස් ඇති බව මේ වනවිට කරුණු අනාවරණය වෙමින් තිබේ.

    ඒ අනුව මෙම සැත්කම් උපකරණ වැඩිමිලට අලෙවි කර ඇත්තේ ඇය සමග මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දෙදෙනාගේ සහාය ඇතිව බව සඳහන්.

    ජයවර්ධනපුර රෝහලට මෙම උපකරණ වාර්ෂික ඇස්තමේන්තු හරහා ලබාගත හැකි වුණත්, අදාළ වෛද්‍යවරිය සිදුකර එම ක්‍රමවේදයට නොයා මෙම ජාවාරම සිදුකරගෙන යෑමයි.

    මෙම වෛද්‍යවරිය රෝගීන්ගේ පවුලේ ඥාතීන්ට දුරකථන අංකයක් (දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දෙදෙනාගෙන් අයෙක්) ලබාදී, ඔහු හරහා මෙම උපකරණ අලෙවිකිරීම සිදුකර ඇතැයි සඳහන්.

    එම අලෙවියෙන් ලද මුදල් වෛද්‍යවරිය හා අදාළ පුද්ගලයාගේ ගිණුම්වලට බැරවී ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශනවලට අනුව හෙළිවී තිබේ.

    රෝගීන්ට වෙනත් ආයතනයකින් හෝ මෙම උපකරණ මිලදී ගැනීම වැළැක්වීමට අදාළ තුන්ඩුව (prescription) හෝ ලබා නොදීම මෙම ජාවාරම සිදුකර ඇති බව වාර්තා වේ.

    අල්ලස් කොමිසම විසින් ඇය යටතේ ශල්‍යකර්ම සිදුකරගත් රෝගීන් 75කගේ ප්‍රකාශ මේ වනවිට සටහන් කරගෙන ඇති අතර, ඔවුන් සමස්ත රෝගීන් 300කගේ පමණ ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇත.

    කෙසේ වෙතත් ප්‍රකාශ සටහන් කරගත් රෝගීන් 75 දෙනාගෙන් හෙළිකරගත් කරුණු අනුව රුපියල් කෝටි 3ක පමණ මුදලක් වෛද්‍යවරිය ඇතුළු තිදෙනා උපයාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි පැවසේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 202609 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.