Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරුවා ඝාතනය කරන බව පවසා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලයි
    Featured

    දරුවා ඝාතනය කරන බව පවසා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලයි

    By LFNJune 18, 2025No Comments2 Mins Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟිනි.

    පසුගිය ජූනි 9 වන දින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට කප්පම් මුදල් වශයෙන් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඉන් ලක්ෂ 20ක මුදලක් කප්පම් මුදලක් ලෙස ගෙවන ලද බවට හා ඉතිරි කොටස නොගෙවන්නේ නම් බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් කෝටියක් කප්පම් මුදලක් ඉල්ලා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) සීදුව පොලිස් වසමේ දඹතුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බඩල්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

    සැකකරුවන් අවුරුදු 32 හා 46 වයස්වල පසුවන මැටියගනේ හා කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    මෙම අපරාධය සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනොගේ නම් භාවිතා කොට ඇති අතර ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවත්, පැමිණිලිකරු බියට පත් කිරීම සඳහා මෙම නම් භාවිතා කර ඇති බවටත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    තවද මෙම අපරාධයට යොදා ගත් සෙල්ලම් පිස්තෝලය, අපරාධයට යොදාගත් යතුරුපැදිය, කප්පම් මුදලින් ලබාගත් නවීන යතුරුපැදිය හා ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.

    මේ අතර, අපරාධයට යොදාගත් ජංගම දුරකථන කිහිපයක්, එම දුරකථනවල සියලුම සිම්පත්, විවිධ බැංකුවලට අයත් ඒටීඑම් කාඩ්පත්, යතුරුපැදිවල හා ත්‍රීරෝද රථයේ සියලුම ලියකියවිලි පොලිස් භාරයට ගෙන තිබේ.

    බඩල්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 202609 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.