Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්තල ගුවන්තොටුපොළේ ආරක්ෂිත වැටට අලින්ගෙන් හානි
    Featured

    මත්තල ගුවන්තොටුපොළේ ආරක්ෂිත වැටට අලින්ගෙන් හානි

    By LFNJune 18, 2025No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වටා ඉදිකර ඇති ආරක්‍ෂිත වැට සම්බන්ධව පවත්නා ගැටලු සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබේ.

    එම රැස්වීම ඊයේ (17) ආරක්ෂක අමාත්‍යාංශයේ දී පවත්වා ඇති අතර, එහිදී මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ, වනඅලින්ගෙන් ගුවන්තොටුපොළ ආරක්‍ෂිත වැටට නිරන්තරයෙන් සිදුවන හානි සහ එම හානි වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙනි.

    ගුවන්තොටුපොළ මෙහෙයුම් සහ මහජන ආරක්‍ෂාව යන දෙයංශයටම ඇති විය හැකි තර්ජනය හඳුනා ගනිමින්, ආරක්‍ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන්ට ගැටලු විසඳලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී තිබේ.

    තවදුරටත්, ආරක්‍ෂිත වැටට සිදුව ඇති හානි කඩිනමින් අලුත්වැඩියා කිරීමටත්, අනාගත එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා දිගුකාලීන තිරසාර විසඳුම් සකස් කිරීමේ ඇති වැදගත්කම ද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

    මෙම සාකච්ඡා සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම සමඟ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

    මෙම සියලු පාර්ශවයන් ආරක්‍ෂිත වැට ශක්තිමත් කිරීම කෙරෙහිත් වන සතුන් ප්‍රදේශයේ ගමන් කරන ආකාරය ගැන සලකා බලමින් වැටෙහි ව්‍යුහාත්මක අඛණ්ඩතාව වැඩිදියුණු කිරීම කෙරෙහිත් මෙහිදී අවධානය යොමු කර තිබේ.

    ස්වභාවික වාසස්ථානවලට බාධා නොකර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සම්බන්ධීකරණ සහ ක්‍රියාශීලී ප්‍රවේශයක අවශ්‍යතාවය ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇති අතර, විසඳුම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සම්බන්ධ වන සියලුම ආයතන අතර අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ ඇති වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.