Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්
    Featured

    දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

    By LFNJune 16, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කටයුතු කර ඇත.

    අදියර 01 යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අඟලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

    මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ඇහැළියගොඩ, නිවිතිගල, කුරුවිට, ඇළපාත සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත.

    මේ අතර අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම , දකුණු සහ වයඹ පළාත්වලට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026012 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.