වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ අපරාධයකට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2023.11.26 වනදා සීදූව, කොටුගොඩ ප්‍රධාන මාර්ගයේදී ටී 56 වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදු කර මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට තැත් කර තිබුණි.
ඒ අනුව ඊයෙ (15) දහවල් කාලයේදී මීගමුව පොලිස් වසමේ 20 කණුව ප්‍රදේශයේදී වෙඩි තැබීම සඳහා යතුරුපැදිය පැද වූ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 290 ක් හා ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන සීදූව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 27 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.