Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 2025

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට
    Featured

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    By LFNJune 9, 2025No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    අදාළ අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ.

    ඒ අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකු ඉකුත් මැයි 12වනදාට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර ඇති බව සඳහන්.

    බන්ධනාගාර අධිකාරිවරයාගේ එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය අදාළ විත්තිකරුව නිදහස් කර මුදා හරින ලෙස නියෝගකර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකාර අනුරාධපුර බන්ධනගාර අධිකාරිවරයා අද (9) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 2025

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,040 Views
    Don't Miss

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 20250117 Views

    දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමටත්, අළුතින් ආදේශක තැපැල් සහායකයින්…

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025

    දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

    July 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.