Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්

    February 26, 2026

    හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවක් කල් යයි

    February 26, 2026

    ජනපති හෙට අනුරාධපුරයට

    February 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුහුදු පතුල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹෙයි
    Featured

    මුහුදු පතුල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹෙයි

    By LFNJune 3, 2025No Comments3 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි.

    සාගර ජීවීන් හට සුවපහසු පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

    කොරල්පර පරිසර පද්ධතිවලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත.

    ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරන ලදී.

    මේ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන කිහිපයක දායකත්වය ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

    සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ.

    විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ.

    මෙම දූපත ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක් වේ.

    මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය.

    එසේම, දේශගුණික විපර්යාස හා මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

    ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

    මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

    මෙමගින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර සංරක්ෂණය සඳහා ඇති වෙමින් පවතින කැපවීම හා උනන්දුව පිළිබිඹු වූ අතර, සාගර සුරක්ෂිතතාව පිළිබඳ මෙරට පුරවැසියන් තුළ ඇති විය යුතු වගකීමද ප්‍රදර්ශනය විය.

    2025 වසරේ ජනවාරි මස 01 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරම්භ කරන ලද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට පුළුල් ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

    වර්තමාන පාරිසරික, සමාජීය සහ පාලන අභියෝගවලට විසදුම් සෙවීම තුළින් ශ්‍රී ලංකාව වඩාත් පිරිසිදු, හරිත හා සදාචාරාත්මක පදනමක් සහිත දේශයක් බවට පරිවර්තනය කිරීම එහි මූලික අරමුණයි.

    මෙම ජාතික වැඩසටහනින් අපේක්ෂිත පාරිසරික තිරසාරභාවය යනු, වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය, ජෛව විවිධත්වය සුරැකීම, ජලය සංරක්ෂණය, වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීමෙන් හරිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය ආදිය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර දිගුකාලීන පාරිසරික සමතුලිතතාව සහතික කිරීමයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්

    February 26, 2026

    හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවක් කල් යයි

    February 26, 2026

    ජනපති හෙට අනුරාධපුරයට

    February 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්

    February 26, 20260133 Views

    ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ…

    හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවක් කල් යයි

    February 26, 2026

    ජනපති හෙට අනුරාධපුරයට

    February 26, 2026

    මල් කැකුළක් වෑන් රියට බිලි

    February 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.