Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    චීන විජයග්‍රාහී සැමරුම ඇරඹෙයි

    September 3, 2025

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 2025

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වූ ජල සම්පාදනයේ කෙටි පණිවුඩ සේවය යථාතත්ත්වයට
    Featured

    සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වූ ජල සම්පාදනයේ කෙටි පණිවුඩ සේවය යථාතත්ත්වයට

    By LFNJune 3, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍සිය කෙටි පණිවුඩ සේවාවට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    එහි අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රදීප් හේරත් මහතා සඳහන් කළේ, මේ වන විට සිය දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවය.

    පසුගිය ඉරිදා පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

    එහිදී අදාළ පුද්ගලයා විසින් එම මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාවට ඇතුළු වී පාරිභෝගිකයින් වෙත කෙටි පණිවුඩ යොමුකර ඇති බව වාර්තා වේ.

    කෙටි පණිවුඩ 10,000ක් පමණ එලෙස අදාළ පුද්ගලයා විසින් පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන වෙත යවා ඇති බව සඳහන්ය.

    සිය දත්ත ලබා ගැනීම සඳහා යම්කිසි මුදලක් බැරකරන ලෙස එම කෙටි පණිවුඩය මඟින් පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.

    කෙසේවෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අදාළ කෙටි පණිවුඩ සේවාව යථා තත්ත්වයට පත්කර එම සියලු පාරිභෝගිකයින්ට ව්‍යාජ කෙටි පණිවුඩය පිළිබඳව දැනුම්දීමක් සිදුකර ඇති බව සඳහන්ය.

    මේ අතර රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

    එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වෙබ් අඩවිවල ආරක්ෂක පද්ධතියේ දුර්වලතා මෙම සයිබර් ප්‍රහාර එල්ල වීමට හේතු වී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 2025

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025

    මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

    September 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    චීන විජයග්‍රාහී සැමරුම ඇරඹෙයි

    September 3, 20250119 Views

    චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම මේ වනවිට බීජිං අගනුවරදී ආරම්භ වී තිබේ. ඒ…

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 2025

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025

    මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

    September 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.