Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයහපත් කාලගුණයෙන් පවුල් 10,270ක් පීඩාවට
    Featured

    අයහපත් කාලගුණයෙන් පවුල් 10,270ක් පීඩාවට

    By LFNJune 1, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    ඇද හැළුණු අධික වර්ෂාපතනය හමුවේ මේ වන විට දිවයින පුරා පිහිටි ජලාශ කිහිපයකද වාන් දෙරටු කිහිපයක් විවෘත කර ඇති බවද ඔහු පැවසීය.

    ‍මේ අතර පවතින තත්ත්වය තුළ දිස්ත්‍රික්ක 05ක් සදහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (01) පියවර ගත්තේය‍.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්යය වසන්ත සේනාධීර මහතා සදහන් කළේ ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සදහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය.

    නිකුත් කළ එම නායයෑම් අනතුරු ඇඟවීම් අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේය.

    අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ අංශය) කේ.ජී. ධර්මතිලක මහතා පවසයි.

    ඔහු පැවසුවේ නිවාස හානිවලට අමතරව ආපදා හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් යම් කිසි ආබාධිත තත්ත්වයකට පත්වුවහොත් ඔවුන්ටද වන්දි ලබා දීමට කටයුතු කරන බවය.

    මේ අතර ඊයේ උදෑසන 8.00 වන විට අධික වැසි සහ සුළං හමුවේ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 55,940ක් වාර්තා වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ පසුගිය පැය 36ක කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවත් එම පැමිණිලිවලින් රැසක් මේ වන විටත් පිළිසකර කර අවසන් කර ඇති බවය.

    තවද අඛණ්ඩව විදුලි බලය ලබා දීම සඳහා කණ්ඩායම් පැය 24 පුරා සේවයේ යෙදී සිටින බවත් එම මණ්ඩලය පැවසීය.

    මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දිනෙන් පසුව ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026011 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.