Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සංචාරයකයට සූදානම්
    Featured

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සංචාරයකයට සූදානම්

    By LFNJune 1, 2025No Comments2 Mins Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්ත පළකර තිබේ.

    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර පැවැති හමුවකදී රුසියානු තානාපතිවරයා ඒ බව සඳහන් කර ඇත.

    පසුගිය (30) පස්වරුවේ එම හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

    මෙරට සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා රාජ්‍යයට ඉතා සාදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ප්‍රකාශ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය පවසයි.

    මේ අතර රුසියාව හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිතුදම පිළිබඳවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ මෙන් ම අනෙකුත් අංශවලත් අභිවෘද්ධිය වෙනුවෙන් රුසියානු රජය දැක් වු සහයෝගීතාවය සිහිපත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ද සඳහන් කරන ලදි.

    එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල පිළිබඳව රුසියානු තානාපතිවරයා සිය ප්‍රසාදය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පළ කළ අතර, ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ශක්තිමත් කරලීම සඳහා රුසියානු රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව ද ප්‍රකාශ කළේ ය.

    නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව රුසියානු රජයේ ප්‍රශංසාව තානාපතිවරයා මෙහි දී පළ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය පවසයි.

    මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍යය සහාය ඉදිරියටත් නිබඳවම ලබා දෙන බව ද රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

    ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කෙරුණු මෙම හමුවේ දී දෙරට අතර සෞඛ්‍ය, ආයුර්වේද, ජනමාධ්‍ය වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත්ව වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද අවදානය යොමුවි ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.