Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»DIG සහ ASP බලතල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්
    Featured

    DIG සහ ASP බලතල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

    By LFNMay 31, 2025No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරවරුන් සඳහා පවතින බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ජුනි මස පළමුවන දින එනම් හෙට දින සිට බලාත්මක වන පරිදි ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    නව ගැසට් නිවේදනය හරහා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, මහ සැරයන් හා ඊට පහළ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන්, අනුමත කාර්ය පටිපාටි ප්‍රකාරව තම පරිපාලන බලප්‍රදේශය තුළ ස්ථාන මාරුකිරීමේ බලතල පවරා තිබේ.

    එමෙන්ම අදාළ නිලයන්ට අයත් පොලිස් නිලධාරින් වැඩතහනමට ලක්කිරීම හා විනය පාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ද නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පවරා ඇති බව ගැසට් නිවේදනයේ සඳහන්.

    කෙසේවෙතත් එම නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් සේවය අතහැර යාම සම්බන්ධයෙන් කරනු ලබන නියෝගවලට එරෙහි අභියාචනා සලකාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබාදී තිබූ බලතල නව ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබේ.

    සහකාර පොලිස් අධිකාරීවරුන්ට, පොලිස් පරීක්ෂක සහ පොලිස් පරික්ෂක නිලයට පහළ නිලයන් දරන නිලධාරීන් සහ පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන් සඳහා තම පරිපාලන බලප්‍රදේශය තුළ විනය ශාලා දඬුවම් නියම කිරීමට බලතල පවරා ඇති බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.

    මේ අතර පොලිස්පතිවරයා හෝ පොලිස් නිලධාරියෙකු විසින් ලබාදුන් කිසියම් නියෝගයක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන පොලිස් නිලධාරියෙකු හට අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන පරිදි තවත් ගැසට් නිවේදනයක් ජාතික පොලිස් කොමිසන් සභාව මගින් නිකුත් කර ඇත.

    උසස්වීමක්, ස්ථාන මාරුකිරීමක් හෝ විනය කරුණක් සම්බන්ධයෙන් ලබාදුන් කිසියම් නියෝගයකට හෝ සේවයෙන් පහකිරීමක් පිළිබඳව අතෘප්තියට පත්වන නිලධාරීන්ට ඊට එරෙහිව ලිඛිත අභියාචනයක් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකිරීමේ හැකියාව පවතින බව එහි දැක්වෙයි.

    ඊට අදාළ කොන්දේසි මාලාවක් ද ජාතික පොලිස් කොමිසම විසින් ගැසට් නිවේදනය හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.