Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13ක පුද්ගලයින් 4623ක් පීඩාවට
    Featured

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13ක පුද්ගලයින් 4623ක් පීඩාවට

    By LFNMay 31, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

    අද (31) සහ පසුගිය දෙදින තුළ බලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා පිළිබඳ පැහැදිලි කරමින් එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පූර්ව දැනුම්දීම්) රවී ජයරත්න මහතා මේ බව දන්වා සිටියේය.

    මෙම අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 327ක පුද්ගලයින් 1,278ක් අද උදෑසන වනවිට පීඩාවට පත්ව ඇත.

    මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේද ස්ථාන 32ක ගස් කඩාවැටීම්, විදුලි රැහැන් බිඳවැටීම් වැනි ආපදා සිදුව ඇති බවද රවී ජයරත්න මහතා පැවසීය.

    එමෙන්ම දිවයින පුරා අර්ධ නිවාස හානි 1,184ක් පමණ සිදුව ඇති බවට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය වෙත තොරතුරු ලැබී ඇත.

    එම නිවාස හානි තක්සේරු කර එම පීඩාවට පත් ජනතාවට මුදල් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.

    ත්‍රිවිද හමුදාව, පොලීසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්, ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මේ වනවිට සියලු ආපදා යථා තත්ත්වයට පත්කර ඇත.

    කෙසේ නමුත් විදුලිය නැවත ලබාදීම් කටයුතු තවමත් සිදුකරගෙන යන බවද රවී ජයරත්න මහතා පෙන්වා දුන්නේය.

    එමෙන්ම ඕනෑම ආපදා අවස්ථාවකදී 117 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දන්වා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    බස් – ලොරි අනතුරක්

    November 10, 20250126 Views

    බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක්…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025

    සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.