Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ධීවර හා නාවික ප්‍රජාව වෙත කාලගුණයෙන් රතු නිවේදනයක්
    Featured

    ධීවර හා නාවික ප්‍රජාව වෙත කාලගුණයෙන් රතු නිවේදනයක්

    By LFNMay 30, 2025No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දකවා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන්ව ඇත්තේ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70ක් දක්වා වැඩිවීමේ හැකියාව ඇති බවය.

    ඒ අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

    එමෙන්ම එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙසද නාවික සහ ධීවර ප්‍රජාවට එම දෙපාර්තමේන්තුව විසින් අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබේ.

    හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි 50-60ක් දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් ඒ අනුව එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව වෙත අනතුරු ඇඟවීමක්ද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

    එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ‍, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.