Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගැරඬිඇල්ල බිහිසුණු බස් අනතුරට හේතුව හෙළිවෙයි
    Featured

    ගැරඬිඇල්ල බිහිසුණු බස් අනතුරට හේතුව හෙළිවෙයි

    By LFNMay 30, 2025No Comments2 Mins Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුවරඑළිය ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කර තිබේ.

    පසුගිය 11 වනදා අලුයම 4:45ට පමණ නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ NC – 1144 දරණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය.

    එම අනතුරින් මගීන් 23 දෙනෙකු මියගිය අතර තවත් 60 දෙනෙකු තුවාල ලැබීය.

    අනතුරින් 43 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි කතරගම ඩිපෝවට අනුයුක්තව සේවය කළ රියදුරා ද ජීවිතක්ෂයට පත්විය.

    මෙම අනතුර සම්බන්ධයෙන් 6 දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් විමර්ශන සිදුකළ අතර ඔවුන් ස්ථානීය පරීක්ෂණ මෙන්ම කොත්මලේ පොලිස් ස්ථානයේදී අනතුරට ලක්වූ බස් රථයද පරීක්ෂාවට ලක්කර තිබුණි.

    මෙහිදී ඔවුන් පාරිසරික සහ කාලගුණික තත්ත්වය, මාර්ගයේ ස්වභාවය, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ පිහිටීම සහ රියදුරුවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව ද අවධානය යොමුකර තිබුණි.

    අදාළ පරීක්ෂණ වාර්තාවේ නිගමනයට අනුව අදාළ බස් රියදුරා නියමිත කාලය විවේක නොගෙන දීර්ඝ කාලයක් බස් රථය ධාවනය කරවා ඇති බවට අනාවරණය වී තිබේ.

    පරීක්ෂණ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ පැය හතරහමාරක ධාවන කාලයක් සඳහා පැය භාගයකට නොඅඩු කාලසීමාවක් විවේක ගතයුතුව පවතින බවය.

    එහෙත් ලබාගත් තොරතුරු අනුව අදාළ රියදුරා වැලිමඩ ප්‍රදේශයේදී විවේකගෙන ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බව සඳහන් වෙයි.

    ඒ අනුව අනතුර සිදුවන විට රියදුරු පැය හයහමාරකට අධික කාලයක් අඛණ්ඩව රිය ධාවනයේ යෙදී ඇත.

    ඒ අනුව අදාළ රියදුරා මෝටර් වාහන පනතේ වගන්ති උල්ලංඝණය කර ඇති බවද පරීක්ෂණ මණ්ඩලයේ නිගමනය වී තිබේ.

    කෙසේවෙතත් අනතුරට හේතුවූ සියලු කාරණා සඳහා එම රියදුරු තනිව වගකිවයුතු නොවන බවද එම පරීක්ෂණ මණ්ඩලය මෙහිදී පෙන්වා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 202604 Views

    ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය…

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.