Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිනිස් අස්ථි යොදා සෑදු කුෂ් ලංකාවට ගෙන ආ හැටි
    Featured

    මිනිස් අස්ථි යොදා සෑදු කුෂ් ලංකාවට ගෙන ආ හැටි

    By LFNMay 29, 2025No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බැංකොක් සිට මෙරටට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියකගේ ගමන් මල්ලක තිබි පසුගිය මැයි 12 වනදා සොයාගත් කුෂ් මත්ද්‍රව්‍ය වර්ගය, බටහිර අප්‍රිකානු කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින අතිශය මාරාන්තික මත්ද්‍රව්‍ය වර්ගයක් බවට ඉන්දීය NDTV මාධ්‍ය අනාවරණ කර තිබේ.

    චාලට් මේ ලී නමැති 21 හැවිරිදි තරුණිය කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට පත්වුණේ රුපියල් මිලියන 460කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 46 ක් සමගිනි.

    මෙරට මත්ද්‍රව්‍ය නාශක ඒකකයට අනුව, කටුනායක ගුවන්තොටුපොළෙන් එක්වර අත්අඩංගුවට ගත් විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ද මෙය වේ.

    NDTV අනාවරණ කර ඇත්තේ තරුණිය සන්තකයේ තිබී හසුවූ මත්ද්‍රව්‍ය වර්ගය නිෂ්පාදනයට මිනිස් අස්ථි කොටස් යොදාගන්නා බවත්, ඒවා බටහිර අප්‍රිකාවේ වඩාත් ව්‍යාප්තවී ඇති උඝ්‍ර ප්‍රතිඵල ගෙනඑන මත්ද්‍රව්‍යයක් බවය.

    සියරා ලියෝන් රාජ්‍ය යේ දහස් සංඛ්‍යාත පිරිසකගේ මරණවලට මෙම කුෂ් මත්ද්‍රව්‍ය හේතුවූ බැවින් රට තළ හදිසි තත්ත්වයක් නම්කිරීමටත් පසුගිය වසරේදී එරට රජයට සිදුව තිබූ බවද NDTV සඳහන් කර තිබේ.

    මේ වනවිට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින අදාළ තරුණිය සම්බන්ධව මෑතකදී වැඩි අවධානයක් යොමුවූයේ ඇය ඉතාමත් අඩු පහසුකම් සහිතව මීගමුව බන්ධනාගාරයේ රඳවා තබාගෙන සිටින බවට බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවිය කළ අනාවරණය හේතුවෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.