Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය
    Featured

    රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

    By LFNMay 28, 2025No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 තිබුණු මට්ටමට පැමිණීමට තව වසර දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි.

    ‘2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹුවන ශ්‍රී ලංකා ආර්ථිකය’ මැයෙන් ඊයේ (27) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති ප්‍රසිද්ධ දේශනයෙන් අනතුරුව පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

    2019 – 2023 වසර 5ක කාලය තුළ ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත්තේ 2021 වසරේදී පමණක් බවත්, සෙසු සෑම වසරකදීම වාර්තා වන්නේ ආර්ථිකයේ සංකෝචනය වීමක් බවත් සහකාර අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා කියා සිටියේ 2018 වසරේ දී රු. ට්‍රිලියන 13.2 ක්ව පැවති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2023 වසර වන විට රු. ට්‍රිලියන 11.9 ක් දක්වා අඩු වී ඇති බවය. එය 2024 වසරේ දී රු. ට්‍රිලියන 12.5ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළ සහාකාර අධිපති අමරසේකර මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ආර්ථිකය 2018 පැවති මට්ටම කරා ළඟා වීමට තවත් වසර දෙකක හෝ තුනක කාලයක් ගතවනු ඇති බවය.

    “2019 – 2023 කාලය ගත්තොත් අපිට 2021 විතරයි තිබිලා තියෙන්නේ ධන ආර්ථික වර්ධනයක්. 2019: – 0.2ක්, 2020: – 4.6ක්, 2022: – 7.3ක් සහ 2023: – 2.3 ක් වශයෙන් සංකෝචනයක්. ඒ වගේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක තමයි තිබිලා තියෙන්නේ, විවිධ හේතූන් නිසා. පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ඒ වගේම ආර්ථික අර්බුදය. ඒ හේතූන් නිසා ආර්ථිකය ඉතා පහළ මට්ටමක පැවතිලා තියෙන්නේ. ඒකෙන් මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට මොකද වෙලා තියෙන්නේ.”

    “2018 අවුරුද්දේ රු. ට්‍රිලියන 13.2 ක මූර්ත දළ දේශීය නිෂ්පාදිතයක් අපිට තිබිලා තියෙනවා. එය 2022 වෙන කොට රු. ට්‍රිලියන 12.2ක් දක්වා අඩුවෙලා තියෙනවා, 2023 වෙනකොට රු. ට්‍රිලියන 11.9ක් දක්වා අඩුවෙලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකය හැකිළිලා. ආර්ථිකයේ මුළු ආදායම අඩුවෙලා තියෙනවා. 2024 අවුරුද්දේ 5%ක වර්ධනයත් සමඟ, මේ හැකිළිණු මූර්ත ආර්ථිකය ප්‍රසාරණය වෙන්න පටන් අරන් තිබෙනවා. 2024 අවුරුද්දේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු. ට්‍රිලියන 12.5 ක් දක්වා වැඩිවෙලා තියෙනවා.”

    “තව අවුරුදු දෙකක් තුනක්වත් යයි, මං හිතන්නේ අපි 2018 ආර්ථිකය තිබුණු තත්ත්වයට පත්වෙන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026011 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.