Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 4කදී ජීවන වියදම දෙගුණයක් වෙයි
    Featured

    වසර 4කදී ජීවන වියදම දෙගුණයක් වෙයි

    By LFNMay 28, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට පුද්ගලයින්ගේ ජීවන වියදම 2021 වසරට සාපේක්ෂව පසුගිය වසර වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    කෙසේවෙතත් 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකින් බව මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සඳහන් කළේය.

    පසුගිය වසරවලට සාපේක්ෂව උද්ධමනය පහළ යෑමේ වාසිය වර්තමානයේ ජනතාවට හිමිවුවද 2021 වසරට සාපේක්ෂව සැසදීමේදී රටේ ජනතාවගේ ජීවන බර ඉහළ අගයක් ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පැවසීය.

    “පොෟද්ගලික ආදායම් දිහා බැලුවත් අපිට පේනවා වැඩි වෙච්ච මිල මට්ටම් හින්දා ඒ වගේම වැඩි වෙච්ච ජීවන වියදම නිසා අසීරු තත්ත්වයක පවතින්නේ. උදාහරණයක් ලෙස බැලුවොත් 2021ත් එක්ක 2024 වසර බැලුවොත් ජීවන වියදම දෙගුණයක් වෙලා.”

    “උද්ධමනය අඩුවීමේ වාසිය දැනට මහජනතාවට ලැබෙනවා. නමුත් 2021ත් සමග සැසඳුවාම අපිට පේනවා ජීවන වියදම මහජනතාවට දැනෙන මට්ටමමක තිබෙනවා කියලා. රාජ්‍ය සේවකයන්ගේ වෙන්න පුළුවන්, පෞද්ගලික සේවකයන්ගේ වෙන්න පුළුවන්, ව්‍යාපාරවල ආදායම වෙන්න පුළුවන් ඒ ආදායම වැඩි වෙන්න ඒ වගේ ආර්ථික වර්ධනයක් පවතින්න ඕනේ.”

    “අපි හිතනවා ඒ වගේ ආර්ථිකයක් ඉදිරියේදී පවතීවි. ක්‍රමක්‍රමයෙන් මහජනතාවට නැතිවූ මූර්ත ආදායම නැවත ඇතිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

    “සමහර වෙලාවට අපි දකිනවා රාජ්‍ය සේවයේ විශේෂයෙන් කලින් කලට වැටුප් වර්ධක දෙනවා. නමුත් ඒවා ඵලදායිතාව බලලා දෙන වැටුප් වර්ධක නෙමෙයි. ඒ නිසා මං හිතන්නේ අපි ආර්ථික විද්‍යාඥයින් ලෙස දකින දෙයක් තමයි වැටුප් වැඩි වෙනකොට ඒවා ඵලදායිතාවට සම්බන්ධ කරලා කරන්න ඕනේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026011 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.