Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාවක්
    Featured

    මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාවක්

    By LFNMay 28, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන්ට ආරක්ෂාව අවශ්‍යයයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

    ඔහු පවසන්නේ දැනට ආරක්ෂාව සම්බන්ධ අවසන් තක්සේරු වාර්තා ලැබී ඇති මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවය.

    කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම අදහස් පළකර තිබේ.

    මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු පසුගියදා කථානායකවරයා හමුවී පැවති සාකච්ඡාවකදී තමන්ගේ ආරක්ෂක ගැටලු ඉදිරිපත්කිරීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් කර තිබුණි.

    ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමන් වෙත දන්වන්න ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

    රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ද දැනුවත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා මෑත කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසක් අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම් කරුවන් අතර සිදුවන ගැටුම්වල ප්‍රතිඵල බවින් එම අපරාධ සඳහා ප්‍රදේශීය දේශපාලනඥයන් සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවඳ අවධාරණය ඇත.

    මෙහිදී විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයින් විසින් තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාගැනීම සම්බන්ධයෙන් මතුව තිබෙන අවශ්‍යතාවය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

    වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සඳහා පහසුකම් නොමැති නම් තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනිඅවි ලබා දෙන ලෙසය.

    ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පවතින රටක ආරක්ෂාව වෙනුවෙන් ගිනිඅවි ලබා දීම සිදු නොවිය යුතු බවය.

    අදාළ බලධාරීන් විසින් ඒ ඒ පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළයුතු බව විපක්ෂනායකවරයා පවසා තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ ආරක්ෂක තක්සේරු වාර්තා ලබාගන්නා තෙක් සම්පුර්ණ ආරක්ෂාව ඉවත් නොකර ආරක්ෂාව අවශ්‍යයයි පවසන මන්ත්‍රීවරුන්ට එම ආරක්ෂාව ලබාදීම සුදුසුවන බැවින් තක්සේරු වාර්තාව ලැබීමෙන් පසු එහි නිර්දේශයන්ට අනුව කටයුතු කළ හැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026011 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.