Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනයක් අරඹයි
    Featured

    පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනයක් අරඹයි

    By LFNMay 27, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

    ඉදිරියේ දී මෙම වැඩවර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් තවත් වෘත්තීය සමිති සහය පළකිරීමට තීරණය කර ඇති බව ද චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

    මේ අතර වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීම සම්බන්ධ නිවැරදි චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එසේ නොවන්නේ නම් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවනු ඇති බවය.

    “මාස දෙකකට ආසන්නයි ජනාධිපතිතුමා තමාගේ තීරණය දීලා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛය ඇවිල්ලා. අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මේ නව වැටුප් ව්‍යුහය ක්‍රියාත්මකයි. අප්‍රේල් වැටුපට අදාළවත් අමතර දීමනා ආදිය වෛද්‍යවරුන්ට ලබාගන්න බෑ. මේ මැයි මාසයත් ඉවර වෙන්න ඇවිත්. මැයි ඉවර වෙද්දිවත් වෛද්‍යවරු කරන රාජකාරියට ලැබිය යුතු වටිනාකමවත් ලැබෙන්නේ නෑ. කොහොමත් ගෙවන්නේ අඩුවෙන්. අපි දකිනවා බරපතළ ගැටලුවක් තියෙනවා. මේ චක්‍රලේඛය වහාම නිවැරදි විය යුතුයි. විධායක සභාව ඒකමතිකව තීරණය කළ දේ තමා එළැඹෙන සතිය ඇතුළතවත් මේක නිවැරදි වෙන්නේ නැත්නම් අපිට යම් ක්‍රියාමාර්ගවලට එළැඹෙන්න සිද්ධවෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.