Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

    By LFNMay 27, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති‍බේ.

    ඊයේ (26) එම අනතුරු සිදුව තිබුණේ කෑගල්ල, වාලච්චේන, මාතලේ සහ කැකිරාව යන පොලිස් වසම්වලදීය.

    කෑගල්ල පොලිස් වසමේ බෙරගල මාර්ගයේ බූම්ට්‍රක් රථයක් කෑගල්ල දෙසට මුහුණලා නවතා රියදුරු රථයෙන් බැස ලීවර පද්ධතිය ආධාරයෙන් දැව කඳන් පටවමින් සිට ඇති අතර එක්වරම එම රථයේ ආධාරක ගිළිහී යාමෙන් මාර්ගයේ පහළට ඇදී ගොස් ඇත.

    එම අවස්ථාවේ බූම් ට්‍රක් රථයට ඉදිරියෙන් කෑගල්ල දෙසට යාමට සූදානම්ව නවතා තිබූ යතුරු පැදියක පසුපසින් ගැටී තිබේ.

    අනතුරින් යතුරුපැදිකරු හා පැදිකරුගේ දියණිය තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර වාලච්චේන රෝහල වෙත තුවාල සහිත පුද්ගලයෙකු ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

    එලෙස මියගොස් ඇත්තේ, සුංගන්කේණි ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි අයෙකි.

    තුවාලකරු මාර්ගයේ වැටී සිටියදී අනන්‍යතාවය හෙළි නොකරන ලද පුද්ගලයෙකු විසින් රෝහලට ඇතුළත් කර ඇත.

    එම පුද්ගලයා විසින් තුවාලකරු වැටී සිටි බවට දන්වා සිටි 18 කණුවට ප්‍රදේශයට ගොස් පරික්ෂා කිරීමේදී මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ අනතුරක් බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

    මේ අතර මාතලේ වත්තේගම මාර්ගයේ උකුවෙල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව වම් පසට ධාවනය වී මෝටර් රථයක ගැටී ත්‍රිරෝද රථය පෙරළීගොස් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි අයෙකි.

    මේ අතර කැකිරාව දඹුල්ල මාර්ගයේ ඇලගමුව ප්‍රදේශයේදී මහනුවර දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ බස් රථයක මාර්ගය හරහා ගමන්කළ අත්ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ අනතුරක් 49 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.