හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව අද (26) යළිත් මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.
ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
මහර මහෙස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය ඉදිරියේදී මෙම නඩුව මාර්ගගතව කැඳවනු ලැබීය.
එහිදී සියලු කරුණු සළකා බැලූ මහර මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය නියෝග කරන ලද්දේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු සෙසු සැකකරුවන් සිව් දෙනා එළැඹෙන ජුනි මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
මෙහිදී ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.