Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී
    Featured

    පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී

    By LFNMay 26, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරටට පැමිණි පිලිපීන සංචාරකයෙකුට වැලිගම පිහිටි සර්ෆින් ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් එම සංචාරකයා සිය යූටියුබ් ගිණුමේ පසුගිය (24) පළ කර තිබුණි.

    කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමේදී වැලිගම පොලීසිය පැවසුවේ, එම සිද්ධිය පසුගිය වසරේ පෙබරවාරි 14 වනදා වාර්තාවූවක් බවයි.

    ඒ සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින අතර, මෙම වසරේ එළැඹෙන සැප්තැම්බර් 11වනදා එම නඩුව යළි කැඳවීමට නියමිත බවත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයද ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.

    එම නිවේදනයට අනුව මෙම සිදුවීම සිදු වූ දිනම අදාළ පිලිපීන ජාතිකයා තමන්ට පහරදුන් බව පවසමින් වැලිගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව සිදුකළ විමර්ශනයේදී, මෙම විදේශිකයා සංචාරයක් සඳහා මෙරටට පැමිණ කැමරාවකින් ඔහු සිදුකරන ක්‍රියාකාරකම් පටිගත කරමින් වැලිගම ප්‍රදේශයේ සංචාරය කරමින් සිට තිබේ.

    එම අවස්ථාවේ ඔහු වැලිගම පැලෑන වෙරළ තීරයේ පිහිටි දියමත ලිස්සායාම පුහුණු කරනු ලබන ස්ථානයකට ගොස් දර්ශන පටිගත කිරීමේදී, එම ස්ථානයේ සේවකයෙකු ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

    එහිදී ඇති වූ ආරවුලක් මත මෙම විදෙස් ජාතිකයාට එම පුද්ගලයා විසින් අතින් පයින් පහරදීමක් සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

    ඒ අනුව සිද්ධිය සිදු වූ 2024.02.14 දිනම වැලිගම ප්‍රදේශයේදී, වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම පහරදීම සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක් වන වැලිගම පැලෑන ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

    මේ අතර එම නිවේදනයේ මෙම සිදුවීම මෙන්ම මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ඇතැම් අවස්ථාවලදී විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන පහරදීම් ඇතුළු ඔවුනට මුහුණපෑමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් පලවන වීඩියෝ ගැනද කරුණු සඳහන් කර ඇත.

    එහි දැක්වෙන්නේ අදාළ සිදුවීම් ගැන පොලිස් ස්ථානවෙත වාර්තා වන පැමිණිලි හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් කඩිනමින් ක්‍රියාමාර්ග ගෙන සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

    එසේ වුවද මේ වනවිට සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන මෙන්ම පොලීසිය විසින් විමර්ශන සිදුකර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති සිදුවීම් පවා ඉතා මෑත කාලයේ හෝ දින කිහිපයකට පෙර සිදු වූ සිද්ධීන් ලෙස හුවා දැක්වෙන ආකාරයට ඇතැම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නැවත නැවත සංසරණය කරවීමට ක්‍රියාකරන බවට නිරීක්ෂණය වී ඇති බවයි.

    එබැවින් පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය කරවීමට කටයුතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් රට අපකීර්තියට පත් කිරීමට හෝ වෙනත් අරමුණකින් එසේ සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර බව අදාළ නිවේදනයෙන් පොලීසිය වැඩිදුරටත් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026011 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.