Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගිනිඅවි පෙන්වා මුදල් ඇතුළු භාණ්ඩ කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට
    Featured

    ගිනිඅවි පෙන්වා මුදල් ඇතුළු භාණ්ඩ කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

    By LFNMay 25, 2025No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගිනිඅවි පෙන්වා පුද්ගලයින් බිය වද්දමින් මුදල් ඇතුළු, භාණ්ඩ කොල්ල කෑමේ නිරත වූ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ කොල්ලකෑම්වලට සැකකරු සම්බන්ධ බවත් කොල්ලකා ඇති භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

    2020 වසරේදී ජනවාරි මස 16 වනදා දොම්පේ පොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු රන් භාණ්ඩ උකස් ගන්නා ආයතනයකට ඇතුළු වී එහි පුද්ගලයින් ගිනිඅවි පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ 65ක පමණ වටිනාකමකින් යුත් රත්‍රං භාණ්ඩ කොල්ල කෑමක නිරතව තිබුණි.

    අනතුරුව සැකකරුවන් සොයා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ අතර සිදුකළ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ එම කොල්ලකෑම සිදුකළ ප්‍රධාන සැකකරුවෙකු වසර පහ හමාරකට පමණ පසුව ඉකුත් 22 වනදා අත්අඩංගුවට ගැණුනි.

    මොහු වයස අවුරුදු 39ක් වන බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත සොරබඩු සන්තකයේ තබාගැනීම හා විකිණීමට ආධාර දීමේ චෝදනා මත වයස අවුරුදු 42ක තවත් සැකකරුවෙකු වලස්මුල්ල පොලිස් වසමේදී එදිනම අත්අඩංගුවට පත්වුණි.

    පළමු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු අනාවරණ කර ඇත්තේ තවත් අපරාධ රැසක් සඳහා ද ඔහු සම්බන්ධ බවය.

    මෙම සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගි ජීවිතයක් ගතකර ඇති අතර අසල්වාසින්ට පවසා ඇත්තේ මොහු ව්‍යාපාරික කටයුතුවල නිරතවන බවය.

    මොහු කොල්ල කෑම් සඳහා විවිධ ප්‍රදේශවලට යෑමේදී මොහු පවසා ඇත්තේ ව්‍යාපාරික කටයුතු සඳහා විදෙස්ගතවන බවය.

    ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් මොහු කොල්ල කා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    අත්අඩංගුවට ගත් මෙම සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026011 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.