Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තොඩුවාවෙන් හමුවූ හෝඩුවාව
    Featured

    තොඩුවාවෙන් හමුවූ හෝඩුවාව

    By LFNMay 24, 2025No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායි සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු රැසක් සමගින් රුපියල් ලක්ෂ 180ක මුදලක සොයා ගැනීමට තොඩුවාව පොලිසිය සමත්ව තිබේ.

    විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගයක් මුහුදු මගින් ප්‍රවාහන කළ පිරිසකට මෙම මුදල් ලබාදීමට නියමිතව තිබී ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මාරවිල, තොඩුවාව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් ඊයේ (23) රාත්‍රී මහවැව, සිවිරාජ මාවතේ රථවාහන සෝදිසියක නිරතව සිටින අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනෙකු සහිත සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර ඇත.

    එහිදී ත්‍රිරෝද රථය තුළ තිබූ කළු පැහැති ගමන් මල්ලක් පරීක්ෂා කිරීමේදී නිලධාරීන් දැක ඇත්තේ ඒ තුළ විශාල මුදලක් ඇති ආකාරයයි.

    ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනාට මංචු දමා පොලිසියට රැගෙන විත් තිබේ.

    මෙහිදී සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පසුගිය 19 වැනිදා බේරුවලට නුදුරු මුහුදේදී කිලෝග්‍රෑම් 300කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් ඇති බවය.

    එම යාත්‍රාවේ සිටි ස්කිපර්වරයා ඇතුළු 6 දෙනෙකුට රුපියල් ලක්ෂ 30 බැගින් ගෙවීම සඳහා මෙම මුදල් රැගෙන ගොස් ඇති බවද ඒ අනුව හෙළි ව තිබේ.

    අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට පෙර ජාවාරම්කරුවන් විසින් බහුදින ධීවර යාත්‍රාවට දී ඇති මුදල රුපියල් ලක්ෂ 70කි.

    ත්‍රිරෝද රථයෙන් මුදල් රැගෙන ආ පුද්ගලයා ද බහුදින ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු වන අතර උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ එය මීට පෙර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

    පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එස්.ඒ.බී. ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත බහුදින ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා හා කාන්තාවන් දෙදෙනකු තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකටයුතු ත්‍රිරෝද රථයට ආරක්ෂාව සැපයූ යතුරු පැදියක්ද සමගිනි.

    ඩුබායිහි සිට මෙහෙයවන මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මෙරට පුද්ගලයින් හලාවත, තොඩුවාව, මීගමුව, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට ද මේ වන විට අනාවරණ වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    බස් – ලොරි අනතුරක්

    November 10, 20250127 Views

    බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක්…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025

    සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.