Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තොඩුවාවෙන් හමුවූ හෝඩුවාව
    Featured

    තොඩුවාවෙන් හමුවූ හෝඩුවාව

    By LFNMay 24, 2025No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායි සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු රැසක් සමගින් රුපියල් ලක්ෂ 180ක මුදලක සොයා ගැනීමට තොඩුවාව පොලිසිය සමත්ව තිබේ.

    විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගයක් මුහුදු මගින් ප්‍රවාහන කළ පිරිසකට මෙම මුදල් ලබාදීමට නියමිතව තිබී ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මාරවිල, තොඩුවාව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් ඊයේ (23) රාත්‍රී මහවැව, සිවිරාජ මාවතේ රථවාහන සෝදිසියක නිරතව සිටින අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනෙකු සහිත සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර ඇත.

    එහිදී ත්‍රිරෝද රථය තුළ තිබූ කළු පැහැති ගමන් මල්ලක් පරීක්ෂා කිරීමේදී නිලධාරීන් දැක ඇත්තේ ඒ තුළ විශාල මුදලක් ඇති ආකාරයයි.

    ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනාට මංචු දමා පොලිසියට රැගෙන විත් තිබේ.

    මෙහිදී සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පසුගිය 19 වැනිදා බේරුවලට නුදුරු මුහුදේදී කිලෝග්‍රෑම් 300කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් ඇති බවය.

    එම යාත්‍රාවේ සිටි ස්කිපර්වරයා ඇතුළු 6 දෙනෙකුට රුපියල් ලක්ෂ 30 බැගින් ගෙවීම සඳහා මෙම මුදල් රැගෙන ගොස් ඇති බවද ඒ අනුව හෙළි ව තිබේ.

    අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට පෙර ජාවාරම්කරුවන් විසින් බහුදින ධීවර යාත්‍රාවට දී ඇති මුදල රුපියල් ලක්ෂ 70කි.

    ත්‍රිරෝද රථයෙන් මුදල් රැගෙන ආ පුද්ගලයා ද බහුදින ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු වන අතර උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ එය මීට පෙර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

    පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එස්.ඒ.බී. ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත බහුදින ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා හා කාන්තාවන් දෙදෙනකු තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකටයුතු ත්‍රිරෝද රථයට ආරක්ෂාව සැපයූ යතුරු පැදියක්ද සමගිනි.

    ඩුබායිහි සිට මෙහෙයවන මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මෙරට පුද්ගලයින් හලාවත, තොඩුවාව, මීගමුව, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට ද මේ වන විට අනාවරණ වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026011 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.