Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෞදි ගිහින් ලංකාවට පැමිණි තිදරු මව අතුරුදන්
    Featured

    සෞදි ගිහින් ලංකාවට පැමිණි තිදරු මව අතුරුදන්

    By LFNMay 21, 2025No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව නැවත මෙරටට පැමිණි කාන්තාවක් ඉන් අනතුරුව අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය විමර්ශනයක් අරඹා තිබේ.

    මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 38ක කාන්තාවකි.

    නිවසේ ඇති අඩුපාඩු සපුරාගැනීම ඇතුළු සිහින රැසක් පොදි බැඳගනිමින් 38 හැවිරිදි තිදරු මවක් වන සාරංගා උදේශිකා පෙරේරා සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් තිබුණේ මීට වසර 2කට පෙරය.

    එහි ගෙවූ සෑම දිනකම ලද සෑම විවේදකයකදීම සැමියා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් ඇමතීමට සාරංගා අමතක කළේ නැහැ.

    පසුගිය මාසයේ දිනක ඇය සැමියාට පවසා තිබුණේ අප්‍රේල් මස 19 වැනිදාට පෙර තමන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවය.

    කෙසේවෙතත් ඇය පැවසූ පරිදි නොපැමිණීම හේතුවෙන් සැමියා පොලීසියට කළ පැමිණිලි මත සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ පසුගිය අප්‍රේල් මස 14 වැනිදා අලුයම 2.05ට ඇය මෙරටට පැමිණ ඇති බවය.

    සාරාංගාගේ සැමියා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදීද ඒ බව තහවුරු වී තිබේ.

    පසුව පොලීසිය කටුනායක ගුවන්තොටුපොළේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණ වී තිබුණේ අප්‍රෙල් 14 වෙනිදා අලුයම 3.30ට පමණ සාරංගා ගමන් මලු 2ක්ද සමඟින් කුලී මෝටර් රථයකින් පිටව යන ආකාරයයි.

    ඉන් අනතුරුව ගුවන්තොටුපළ පොලිස් නිලධාරීන් මෝටර් රථයේ ලියාපදිංචි අංකය සොයාගෙන රියදුරු කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී සාරංගා උදේශිකා දඹුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක් අසල නිවසකට ගිය බව ඔහු පවසා තිබේ.

    කෙසේ වෙතත් ඇගේ සැමියා පවසන්නේ, තමන් දඹුල්ල පොලීසියේ නිලධාරීන් සමග ගොස් සිදුකළ පරීක්ෂාවේදී කිසිදු කාන්තාවක් නොපැමිණි බව අදාළ නිවැසියන් පැවසූ බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,950 Views
    Don't Miss

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 20250122 Views

    පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා මොරටුව නගර…

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.