Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආරක්‍ෂක අමාත්‍යංශයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
    Featured

    ආරක්‍ෂක අමාත්‍යංශයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

    By LFNMay 21, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ආරක්‍ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී සිදුව තිබේ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛණයේ උපදෙස් ප්‍රකාරව ක්‍රියාත්මක වන 2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මේවන විට ආරම්භ කර ඇත.

    මෙවැනි ඒකකයක් පිහිටුවීමේ මුලික අරමුණ වන්නේ ආයතනයන් තුල දුෂණය අවම කිරීම සහ සුපිලිපන් බව ඉහල නැන්වීම වන අතර, මෙමගින් දුෂණ අවදානම් හදුනාගැනීම, අවදානම් තක්සේරු කිරීම, ආරක්‍ෂක විධිවිධාන වැඩි දියුණු කිරීම වැනි කරුණු අධීක්‍ෂණය කිරීම සහ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හා අල්ලස් සහ දුෂණ මර්ධන කොමිෂන් සභාව වෙත වාර්ෂිකව ඉදිරිපත් කිරීමටය.

    මෙම ඒකකය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහයදීම රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාගේ පුර්ණ වගකීමක් වන බවත්, බලාපොරොත්තු වන පරිදි නිසි අයුරින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ඇති කරගත හැකි සාර්ථක ප්‍රතිඵල පිළිබඳව දැනුවත් කිරීමටද, ආරක්‍ෂක ලේකම්වරයා විසින් කටයුතු කළ බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,950 Views
    Don't Miss

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 20250121 Views

    පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා මොරටුව නගර…

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.