Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාතෘ භූමියේ පූර්ණ නිදහස ගැන ජනපති පැහැදිලි කරයි
    Featured

    මාතෘ භූමියේ පූර්ණ නිදහස ගැන ජනපති පැහැදිලි කරයි

    By LFNMay 20, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඊයේ (19) පැවැති ජාතික රණවිරු සැමරුමට සහභාගී වෙනමින් ජනාධිපතිවරයා පැවසුවේ රට පූර්ණ ජයග්‍රාහකයින් නොමැති බවත් පූර්ණ ජයග්‍රාහකයින් බවට පත්විය හැකි වන්නේ මෙරට නීතිය හා සාමය පූර්ණ වශයෙන් ස්ථාපි කිරීමෙන් පමණක් බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “අපි ඇති තරම් ලේ හලලා තියෙනවා. මේ මහ පොලොව තෙත් වෙනකන් ලේ හලපු ජාතියක් අපි, ගංගා රුධිරයෙන් ගලාගෙන යන තරමට ලේ හලපු ජාතියක් අපි, අම්මලා තාත්තලාගේ දෙමාපියන්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුලු හලපු ජාතියක් අපි, යුද්ධයේ බිහිසුණුතම වේදනාවන්ට, බිහිසුණුම වේදනාවන්ගේ අත්දැකීම් ලබපු මිනිස්සු අපි, ඒවා අද්දැකීම් නම් යළි එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්විය යුතුයි.

    අපි පූර්ණ ජයග්‍රාහකයෝ නෙමේ. අපි පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් විය හැකි වන්නේ මේ රටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ නිසා ගෝරණාඩුවට බිය නොවී සාමය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්න අපි ලෑස්තියි.

    යළි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවන සමාජයක් අපි නිර්මානය කළ යුතුයි. මා දන්නවා එය ඉතා දුෂ්කර ව්‍යායාමයක්. නමුත් අපි කෙසේ හෝ සාර්තක කළ යුතු ව්‍යායාමයක්. උතුරෙත් දකුණෙත් බලය වෙනුවෙන් ජාතිවාදය නැවත කරළිගහන්න පටන් අරගෙන තියෙනවා.

    සැබෑ මාතෘ භූමියේ නිදහස නම් අපිට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අත්පත් කරගන්න සමත් වෙලා නැහැ. මාතෘ භූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද ? අදත් මේ වර්ෂාව පතිත වෙන්න පටන් ගන්නකොට අපිට බියජනක තත්ත්වයක් එනවා නාය යාමට අවදානම් වූ කළාපයක ගෙවල් 4900ක් තියෙනවා. එතැනින් මොන කලාපයක නාය යාමේ අවදානමක පවතීද යන්න බයක් තියෙනවා අපි නිදහස්ද ?, අදත් ලෝකේ කුමන තැන හෝ ගැටුමක් ඇති වුවහොත් අපේ රටේ ආර්ථිකයට කොයිතරම් බලපෑමක් කරයිද කියලා අපිට බියක් තියෙනවා අපි නිදහස්ද?, අපි ආර්ථික වශයෙන් බංකොලොත් වූ රාජ්‍යයක කොහෙද අපිට නිදහසක් තියෙන්නේ ? කොහෙද අපිට ස්වෛරී භාවයක් තියෙන්නේ. අද අපි ආර්ථිකමය ස්වෛරීභාවය අහිමි කරගත්ත රාජ්‍යයක් ඒක ඇත්ත. අපිට අපේම වූ ආර්ථිකමය තීරණ ගැනීම සඳහා ශක්තියක් නොමැති ජාතියක්. ඒ නිසා මේ මාතෘ භූමිය ලෝකයේ ඉදිරිපිට අභිමානවත් රාජ්‍යයක් බවට පරිවර්ථනය කරන්න නම් මේ ආර්ථික පරිවර්ථනය අපි අත්පත් කරගත යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍ය කුමන දුෂ්කරතා මත හරි මේ රාජ්‍යයේ ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අපේ රටේ අපරාධ, කුඩු, වසංගතවලින් තොර රාජ්‍යයක් අපි නිර්මාන්‍ය කළ යුතුයි, ගැටුම් නැති වෛරය නැති රාජ්‍යක් අපි නිර්මාණය කළ යුතුයි. එතන තමයි අපිට පූර්ණ නිදහසත්, මව්බිමේ ශක්තිමත් ස්වෛරීභාවයත් නිර්මාණය වෙන්නේ….”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.