Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය

    April 27, 2026

    වැඩිමිලට සහල් විකිණූ වෙළෙඳසැල් කිහිපයකට වැඩ වරදියි

    April 27, 2026

    ‘සාගරිකා’ අද සිට යළි ධාවනයට

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්
    Featured

    සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

    By LFNMay 19, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බවය.

    යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන් විසින් ඉටුකරනු ලබන වැදගත්, තීරණාත්මක කාර්යභාරය, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අධිකරණ හැසිරීම සමාලෝචනය කිරීම සඳහා නීතිය පැහැදිලි ක්‍රියා පටිපාටි ගෙනහැර දක්වයි.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම් පිරිස් අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර, කිසිදු සත්‍යතාවයක් හෝ පදනමකින් තොරව ඇතැම් කරුණු දක්වා ඇති බවය.

    එමඟින් අදාළ ව්‍යවස්ථාපිත අධිකාරියේ අධිකරණ බලයට යටත් වන සහ යටත් වන කරුණු පිළිබඳව වැරදි ආකල්පයක් ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

    එවැනි දෑ අධිකරණ පද්ධතියට සහ එම ක්‍රියාවලියට සදාචාර විරෝධී වන බවත් එමඟින් යුක්තිය පසිඳලීමට අහිතකර තත්ත්වයක් උදාකර දෙන බවත් ඔවුන් පෙන්වා දී ඇත.

    එමෙන්ම ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යම් ප්‍රකාශයක් නිකුත් කිරීමේදී සහ අදහස් දැක්වීමේදී, පරීක්ෂණ ක්‍රියාවලියට අගතියක් විය හැකි හෝ අනවශ්‍ය මහජන පීඩනයකට තුඩු දිය හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසටය.

    එමෙන්ම ඔවුන් පෙන්වා දී ඇත්තේ, නීති වෘත්තිකයින් ලෙස ඔවුන්ට පැවරි ඇති රාජකාරි සහ නීතිරීති අනුව අවසර ඇති විටකදී හැර ප්‍රසිද්ධියේ හෝ වෙනත් ආකාරයකින් මහජන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් නොමැති බවය.

    එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, අධිකරණ නිලධාරීන් පිළිබඳව අදහස් දැක්වීමේදී වගකිවයුතු කතිකාවක්, නිසි ක්‍රියාවලියට ගරු කිරීම සහ ගෞරවය ආරක්ෂා කිරීමට වගබල ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැඩිමිලට සහල් විකිණූ වෙළෙඳසැල් කිහිපයකට වැඩ වරදියි

    April 27, 2026

    ‘සාගරිකා’ අද සිට යළි ධාවනයට

    April 27, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය

    April 27, 202601 Views

    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඉදිරි ජාත්‍යන්තර තරගාවලියන්හි සිට ක්‍රියාත්මක කිරීමට…

    වැඩිමිලට සහල් විකිණූ වෙළෙඳසැල් කිහිපයකට වැඩ වරදියි

    April 27, 2026

    ‘සාගරිකා’ අද සිට යළි ධාවනයට

    April 27, 2026

    ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 14දෙනෙකු ජීවිතක්ෂයට

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.