Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති නලින්ද ස්විට්සර්ලන්තයට
    Featured

    ඇමති නලින්ද ස්විට්සර්ලන්තයට

    By LFNMay 18, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

    ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහාය.

    මෙම සමුළුව හෙට (19) සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වන්නේ “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.

    මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

    එමෙන්ම මෙම මෙම සමුළුව සඳහා සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික ප්‍රමාණයක් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

    සමුළුව සඳහා එක්වන සියලු පිරිස්වල සහභාගීත්වයෙන් මෙහිදී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එහිදී ඉදිරිපත් ‍වන යෝජනා, අදහස් හා පර්යේෂණ දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසර තුළ ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් නියමිතය.

    මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද සහභාගී වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,950 Views
    Don't Miss

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 20250121 Views

    පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා මොරටුව නගර…

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.