Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ පුරපති සටන උණුසුම් වෙන ලකුණු
    Featured

    කොළඹ පුරපති සටන උණුසුම් වෙන ලකුණු

    By LFNMay 18, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතනවල වැඩි අවධානයක් යොමුව ඇති කොළඹ මහ නගර සභා පුරපති ධුරය වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ජුනි මස 02 වැනිදා පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.

    කෙසේ වෙතත් මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට 50% සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු බැවින් වූ එවැනි පසුබිමක මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂවලයද දැඩි අවධානයක් යොමුව පවතී.

    කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය ඒ සඳහා යොමු කිරීම හේතුවෙන් මෙම සටන දැඩි මුහුණුවරක් ගෙන ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබේ.

    දේශපාලන පක්ෂ අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් රහස් සාකච්ඡාද ආරම්භ වී ඇති අතර ඇතැම් අවස්ථාවල දේශපාලන පක්ෂ සභිකයින් දිනා ගැනීම සඳහා විවිධ වරදාන වරප්‍රසාද ලබා දීමටද ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

    මෙම තත්ත්වය තුළ පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පවත්වන ඡන්ද විමසීමේදි 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයා කොළඹ මහ නගර සභාවේ පුරපතිවරයා ලෙස තේරි පත් වනු ඇත.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ආසන 48ක් හිමිවූ අතර සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් මන්ත්‍රී ආසන 69ක් හිමි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,389 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 20250121 Views

    රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට…

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025

    ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.