Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

    April 27, 2026

    බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026

    මැයි 01 වැනිදා සිට මත්පැන් මිල ඉහළට

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය උපයෝගීතා කොමිසම හමුවට
    Featured

    විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය උපයෝගීතා කොමිසම හමුවට

    By LFNMay 18, 2025No Comments3 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 ජුනි සිට දෙසැම්බර් දක්වා වු කාල සිමාව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.

    ඒ, ජුනි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18.3 කින් විදුලි ගාස්තු ඉහළ නැංවිමක් සිදුකළ යුතු බවට යෝජනා කරමිනි.

    විදුලි බල මණ්ඩලයට සිදුව ඇති මුල්‍ය පාඩුව සැළකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය යෝජනා කරන බව අදාල යෝජනාවලියෙන් ඔවුන් දැනුම් දී තිබේ.

    පසුගිය ජනවාරි මාසයේ මහජන උපයෝගිතා කොමිශන් සභාව විසින් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමකින් තොරව විදුලි ගාස්තු සියයට 20 කින් පහළ දැමීමට ගත් පියවර විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පාඩු ලැබීමට හේතුවූ බව එම මණ්ඩලය පෙන්වා දී ඇත.

    මෙම තත්ත්වය තුළ ජුනි සිට දෙසැම්බර් දක්වා කාල සිමාවේදී විදුලි බල මණ්ඩලයේ මුල්‍ය හිඟය රුපියල් මිලියන 42,196ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති බැවින් මෙවර ගාස්තු සංශෝධනයේදී සියයට 18.3 ක ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය සිය යෝජනාවලියේ සදහන් කර තිබේ.

    ලංකා විදුලි බල මණ්ඩලයේ ගාස්තු සංශෝධන යෝජනාවලියට අනුව විදුලි ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ දැමීමට යෝජනා කර ඇත.

    ඒ අනුව ගෘහස්ථ, ආගමික හා පුණ්‍යායතන, කර්මාන්ත සහ හෝටල් හා රාජ්‍ය ආයතන යනාදී සියලුම අංශ සදහා ගාස්තු ඉහළ නැංවීමට ඔවුන් යෝජනා කර ඇති බව සදහන් වේ.

    ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4ක් වු ඒකකයක මිල රුපියල් 4යි සත 75 ක් දක්වා සහ රුපියල් 75 ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

    ඒකක 31 සිට 60 දක්වා රුපියල් 6ක් වූ ඒකකයක මිල රුපියල් 7ක් දක්වා සහ ස්ථාවර ගාස්තුව රුපියල් 200 සිට රුපියල් 235 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති බවත් සදහන් වේ.

    ඒකක 61 සිට 90 දක්වා රුපියල් 14ක් වන ඒකකයක මිල රුපියල් 16යි සත 60 ක් දක්වා සහ එම කාණ්ඩයේ රුපියල් 400ක් වු ස්ථාවර ගාස්තුව 475ක් දක්වා ඉහළ දැමීමටද යෝජිතය.

    ඒකක 91 සිට 120 දක්වා රුපියල් 20 ක් වන ඒකකයක මිල රුපියල් 23යි සත 65ක් දක්වා සහ රුපියල් දහසක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,185ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

    ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයේ රුපියල් 33ක් වන ඒකකයක මිල රුපියල් 39යි සත 5ක් දක්වා ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය සිය යෝජනාවලිය මගින් සඳහන් කර තිබේ.

    එමෙන්ම රුපියල් 1,500ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,775ක් දක්වා ඉහළ දැමීමට යෝජිත අතර ඒකක 181ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ රුපියල් 52 ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 61යි සත 55 ක් දක්වා සහ රුපියල් 2,000ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2,370ක් දක්වා වැඩි කිරීමටද විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත.

    ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය සැළකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනය පිළිබදව අවසන් තීරණය ජුනි මස පළමු සතියේ ප්‍රකාශයට පත් කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සැළසුම් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැඩිමිලට සහල් විකිණූ වෙළෙඳසැල් කිහිපයකට වැඩ වරදියි

    April 27, 2026

    ‘සාගරිකා’ අද සිට යළි ධාවනයට

    April 27, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

    April 27, 202600 Views

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලිසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක්…

    බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026

    මැයි 01 වැනිදා සිට මත්පැන් මිල ඉහළට

    April 27, 2026

    ක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.