Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්
    Featured

    මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

    By LFNMay 15, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දි තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ එම තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය.

    පසුගිය 06 දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ දී ඒ ඒ පක්ෂවලට හිමි වූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව අනුව සභිකයින් තෝරාගත යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වෙත ලිඛිතව දැනුම්දිමක් සිදුකර තිබේ.

    ඒ අනුව සතියක් තුළ පළාත් පාලන ආයතන සඳහා සභිකයින් නම්කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පක්ෂවලට දැනුම් දි ඇත.

    ඊට අමතරව බහුතර බලයක් හිමි වූ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් නම් කර එවන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබේ.

    පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී 50%ට වැඩි බහුතර බලයක් හිමිකරගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත අදාළ දැනුම් දීම සිදුකර ඇති බව සඳහන් වේ.

    පළාත් පාලන ආයතනවල සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතනවල නගාධිපතිවරුන් සහ සභාපතිවරුන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.