Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට
    Featured

    පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

    By LFNMay 15, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකුව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිරිපුර නගරයේ කෘෂි පොහොර සහ කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන ආයතනයක පසුගිය 13 වනදා සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගෙන සිදුකර තිබේ.

    එහිදී ඇමෝනියා පොහොර කූඨ ලෙස යූරියා පොහොර ලෙස ඇසුරුම් කර වැඩි මිලට ගොවියන් වෙත අලෙවි කර වංචා කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම ආයතනයේ කළමණාකරුවෙකු ඇතුළු සේවකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් අවුරුදු 23 ත් 53 අතර වයස්වල පසුවන සිරිපුර, බුලත්කොහුපිටිය හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මාරු කිරීමට ගෙනවිත් තිබූ පොහොර මිටි 1,565 ක් පොහොර ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථ 05 ක් හා විවිධ ආයතන වල පොහොර හිස් කවර 13,585 ක් එම ස්ථානයේ තිබී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (14) දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.