Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා ගැන නිවේදනයක්
    Featured

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා ගැන නිවේදනයක්

    By LFNMay 15, 2025No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතින බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ, සත්‍ය තත්ත්වය වන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත කරන ලද්දේ 2023 ජුනි මස සිට දෙසැම්බර් මස දක්වා පමණක් බවය.

    ඉන් පසු රජය විසින් ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම 2024 දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලද අතර නැවත වරක් රජය විසින් තීරණය කරන ලද්දේ මෙම කාණ්ඩයට අදාළ දීමනාව 2025 මාර්තු මස දක්වා ගෙවීම සිදු කිරීමටයි.

    එමෙන්ම නැවත වරක් අදාළ ඒ කාන්ඩයේ දීමනාව ගෙවීම 2025 අප්‍රේල් මස දක්වා දීර්ඝ කිරිමට රජය තීරණය කළ අතර ඒ අනුව අදාළ දීමනාව අප්‍රේල් මස දක්වා දීර්ඝ කළ බවද නිවේදනයේ සඳහන් වේ.

    ඒ අනුව මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනා අඛණ්ඩව ගෙවීම් සිදු කිරීමට නියමිත අතර මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් අස්වැසුම ප්‍රතිලාභී දීමනාව මුල් අවස්ථාවේදී යෝජනාක්‍රමය සම්මත වූ පරිදි 2024 දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිතව තිබුනද රජය විසින් වරින් වර ගත් තීරණ පරිදි 2025 අප්‍රේල් මස දක්වා ගෙවීම සිදු කරන අතර එය විවිධ සමාජ මාධ්‍ය විසින් ඉස්මතු කරන පරිදි එකවර ගෙවීම නතර කිරිමක් නොවන බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන බවද එම නිවෙදනයෙන් දැනුම් දී තිබේ..

    තවද මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව ගෙවීම සිදුකරන ලද්දේ රටේ පැවති කොරෝනා වසංගතය ආදී හේතූන් මත ආර්ථික වශයෙන් අගතියට පත් ජනතාවට සහන සැලසීමක් ලෙසය, ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව හැර අවදානමට ලක්වූ කාණ්ඩයේත්, දුප්පත් සහ අන්ත දිළිදු යන කාණ්ඩයන්හීත් ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ගෙවීම් කරණු ලැබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026

    වැඩිමිලට සහල් විකිණූ වෙළෙඳසැල් කිහිපයකට වැඩ වරදියි

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 202609 Views

    හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් පකිස්ථාන මැදිහත්කරුවන්…

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.